(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බව පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවනවාද නැත්ද යන්න පිළිබද අතුරු නියෝගය සහ එම ගැසට් නිවේදනයට එරෙහි ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන තීන්දුව ලබන අප්‍රේල් 05 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය
මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් කැදවූ අතර දෙපාර්ශවයේම කරුණු දීර්ඝ ලෙස අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමෙන් පසුව තීන්දුව මෙදිනට ප්‍රකාශයට පත් කිරීමට නියම කෙරිණි.
ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුළු 20 දෙනකු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති,තේ කර්මාන්තය පිළිබද පඩිපාලක සභාවේ සභාපතිවරය ඇතුළු 18 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමු දළු කි. 1ක් සඳහා රු. 150/- ක වත් මිලක් පළමුව ලබාදෙන්න..