
වාහන ආනයනයේ දි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ආනයනයට සහන ලබා දෙන්නැයි ලෙස දේශීය ආදායම් නිලධාරිහු රජයෙන් ඉල්ලා සිටිති.
දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන මහතා මාධ්‍ය හමුවකට එක් වෙමින් අද සවස මේ බව පැවැසුවේය.
වඩා ඉහළ ධාරිතාවෙන් යුත් වාහන ආනයනය කිරීමේ දී විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් පිටතට ගලා යන බව ඔහු කියා සිටියේය.
1500CC අඩු ධාරිතාව ඇති වාහන ගෙන්වීමට බදු සහන ලබා දුනහොත් එම වාහන ආනයනය කිරීමට වැඩි දෙනා පෙළඹෙන බවත් ඒ හරහා විදේශ විනිමය විශාල ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද චන්දන මහතා පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඉතිං ඔහෙලගේ වාහන බලපත් එහෙමත් තියෙනවා නොවැ...
අපිට තියන ලොකුම ප්‍රශ්නය පුද්ගලික් වාහන ගන්න එකද 1/. වරු ගණන් පාරේ කාලය කන , කාලකන්නි බස් 2/.කිසිම නියාමනයක් නැති ට්‍රිශෝව්. 3/.අමතර් වියදම් ඉල්ලන ඉස්කෝල 4/.පුද්ගලික අධ්‍යාපනයේ මොකද අත්දැකේමෙන් කියන්නේ හොදට ඇද කරලා office ඉවරවෙලා යන තාත්තල , එකම එක සැමන් පරා මාළුව කිරාගෙන ගෙදර අරන් යන රටක් මේක , ගොඩක් මිනිස්සු අන්තෙටම ණයවෙලා ඉන්නේ,
2017-2020 කාලයේ තිබුණු රේට් එකට වාහනවල CC ධාරිතාවට පමණක් බදු ගැහුවොත් හොඳ ප්‍රමිතියක් ඇති අලුත් වාහන ලංකාවට එනවා ලංකාවේ වාහන වල මිල පහළ ගිහින් සේල් එක වැඩිවෙලා රජයට අදායමක් ලැබේවි, දැන් ඩොලර් එක සහ බද්ද යන දෙකම වැඩිවෙලා නිසා ඉහළ ගිය වාහන මිල බොහෝ දෙනෙකුට දරාගන්න බැහැ. අද වාහනයක් වෙනුවෙන් ලක්ෂ 80-100 වියදම් කරන්න බොහෝ දෙනෙකුට බැහැ...
ඇත්තම දේ තමයි තරුණ පරම්පරාව මේ පරණ වැඩකට නැති වාහන මිලදී ගන්නේ නැහැ. ඒ වගේම ඔවුන් හිතන්නේ EU රටකට ගිහින් ලක්ෂ 30ක් ආයෝජනය කරලා ලාභ මිලට වාහනයක් මිලදී ගැනීම වටිනවා කියලා. අපිට ආර්ථික විද්‍යාඥයින් හෝ සැබෑ නායකයින් නැහැ.. නමුත් ජනතාව රැවැටීමට බොරුකාරයෝ විතරයි. ඔවුන් නැවත එන්නේ නැහැ. මෙහි පැහැදිලි බුද්ධි ගලනයක් තියෙනවා. මෙහි සිටින්නේ ත්‍රිරෝද රථ රියැදුරන් සහ පැරණි රජයේ සේවකයින් කිහිප දෙනෙක් පමණයි.