IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සරල ව්‍යායාමයක යෙදීමේ වාසි

බලෙන් ලෙඩ ඈඳා ගත්තාට වුවමනාවෙන්ම ලෙඩ වෙන්න කවුරුත් කැමැති නැත. ආහාර පානාදියෙන් කෙතරම් පරෙස්සම් වුණත් අප ඇති කර ගත යුතු යහ පුරුදු ගණනාවක්ම අපේ නිරෝගීකම උදෙසා බලපානු ලැබේ. ඒ යම පුරුදුවලින් ඈත් වීම නිසාම සිරුර කෙමෙන් කෙමෙන් රෝගවලට ගොදුරු  වී යයි.

පුද්ගලයකුට රෝගාබාධ වැළඳීමේ ක්‍රම ගණනාවකි. සිරුරේ ප්‍රතිශක්තිය හීන වීම, වැරැදි ජීවන රටාව ආදී හේතු මේ සඳහා බලපැවැත්වේ. සිරුරට සමබල පෝෂණයක් උදෙසා ආහාර පාන වැදගත් අතර සිරුරේ සමබරතාවත්,නිරෝගීභාවයත් රැක ගැනීම සඳහා පුද්ගලයකුට සාමාන්‍යයෙන් දිනකට විනාඩි 20ක් පමණ සරල ව්‍යායාමයක නිරත වීමේ වැදගත්කම සෞඛ්‍ය අංශ පෙන්වා දේ. ඇතමකු මෙය ගණන් නොගෙන සිටියද රෝග බොහොමයකින්ම වැලකී සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීමට මෙමගින් හැකියාව ලැබේ.

‘ව්‍යායාම කිරීමට වෙලාවක් නැහැ, ඔබ කාර්යබහුල පුද්ගලයෙක්‘ කියන හේතු කිසිවක් ලෙඩ රෝගවලට අදාල නොවේ. ඔබ රාජකාරියක නිරත පුද්ගලයකු නම් දවසින් වැඩි වෙලාවක්ම අසුනේ වාඩිවී හිඳීමට සිදු වේ. එය කෙසේවත් සුදුසු නැත. අවම වශයෙන් පැය 02කට සැරයක්වත් අසුනෙන් නැගිට කාර්යාලය තුළම කෙටි දුරක් ඇවිදීමට හැකිය. පැය ගණනක් එකම ඉරියව්වක සිටීම වෙනස් කරන්න. කෙටි විවේකයක් ලබා ගැනීමෙන් අනතුරුව ඔබට නැවතත් සුපුරුදු රාජකාරියේ නියැළීමට හැකි වනු ඇත.

ඔබ වාඩිවී ටෙලි නාට්‍ය නරඹන ගමන්ම ඒ ඉරියව්වෙන්ම දෑත්වලට, බඩට,හා දෙපාවලටත් ව්‍යායාම කළ හැකිය. නොඑසේ නම් ඒ වෙලාවේදීම ව්‍යායාම් උපකරණය භාවිත කළ හැකිය. එසේම ඔබ රාජකාරිය නිමවී නිවසට පැමිණෙනවානම් පුරුදු බස් නැවතුමට කලින් නැවතුමෙන් බැස නිවස තෙක් පයින් ගමන් කළ හැකිය. එසේත් නැත්නම් විනාඩි 20ක්‍ එකදිගට දිවීම හෝ සයිකලයක් පැදීම වැනි ව්‍යායාමයක නිරත විය හැකිය. ඉහතින් මා පෙන්වා දී ඇත්තේ ඔබ නිරතවන රාජකාරියට අදාලව කළ හැකි සරල ව්‍යායාම් කිහිපයක් පමණි.

මෙයාකාරයට සරල ව්‍යායාමයක නිරත වන විටදිත් ගත යුතු ආහාර රටාව ගැන විමසිලිමත් වන්න.

පිෂ්ඨය,සීනි,තෙල් අධික ආහාර වැඩිපුර ගෙන ව්‍යායාමවලින් ගොඩ යාමට සිතනවා නම් එය නිෂ්ඵල වැඩකි. දවසින් සුළු හෝ වේලාවක් කැපකර සරල ව්‍යායාමයක නිරත වීමෙන් රෝග බොහොමයකින්ම ඔබ ආරක්ෂා කරනවා පමණක් නොව තමන්ට මනා පාලනයකින් , නම්‍යශීලීව,ලස්සනට සිරුර හැඩ කර ගත හැකිය. ඕනෑම ඇඳුමක් ඇන්ද විට ඔබව තවත් අලංකාරව පෙනෙනු ඇත.

-සටහන- මාධවී ධර්මරත්න



අදහස් (0)

සරල ව්‍යායාමයක යෙදීමේ වාසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site