IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ජෝන් අමරතුංග ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය

(අජන්ත කුමාර අගලකඩ)

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ කතෝලික දේවස්ථානය පිහිටි භූමිය ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා වනජීවී හා සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අද (03) පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් පිරිසක් දැඩි විරෝධය පළකර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමැතිවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා,පාඨලී චම්පික රණවක,සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු ඇමැතිවරුන් පිරිසක් මෙසේ විරෝධය පළකර ඇති බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අක්කර අටක පමණ භූමි ප්‍රදේශයක් මෙසේ ජාතික වනෝද්‍යානයෙන් ඉවත් කර වෙනම ගැසට් කිරීම සඳහා අනුමැතිය ඉල්ලා මෙම කැබිනට් සංදේශය ඉදිරිපත් කර ඇති බවද වාර්තාවේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමැතිවරුන් කිහිපදෙනෙකු සඳහන් කර ඇත්තේ පල්ලියේ උත්සව කටයුතු සඳහා භූමිය භාවිතා කිරීමට ඉඩදිය හැකි නමුත් භූමිය වෙනම ගැසට් කිරීමට ඉඩදිය නොහැකි බවය.

ඒ අනුව කැබිනට් සංදේශය ඉවත් කරගෙන ඇති බවද වාර්තා විය.



අදහස් (13)

ජෝන් අමරතුංග ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට ඇමැතිවරුන් පිරිසකගේ විරෝධය

abaran Tuesday, 03 September 2019 11:41 PM

නරකම නෑ වැඩේ ...ඒත් බදියුදීන් විල්පත්තුව විනාස කරල අවුරුදු ගානක් ගිහිනුත් මුඛය සහ අදෝමුඛය දෙකම වහගෙන හිටපු අය නේද ඔය.....

:       19       146

දිමුතWednesday, 04 September 2019 08:42 AM

ඒක පටන් ගත්තේ ගිය ආණ්ඩුව කාලේ බව ඔබතුමාට අමතකද?

:       1       4

Prabha Wednesday, 04 September 2019 09:44 AM

ගිය ආණ්ඩුවේ වැරදි හරි ගස්සන්නේ මහත්තයෝ මේ ආණ්ඩුව පත්කර ගත්තේ...

:       2       78

athuraWednesday, 04 September 2019 10:41 AM

දැන් ඊළඟට එන්න වලිකන ආණ්ඩුව ඒ වැරැද්ද හරි ගස්සයිනේ... මොකද වෙන වෙස්මුහුණු දාගෙන ආවට ඉන්නේ විල්පත්තුව කපන්න අවසර දුන්නු අයමනේ...

:       0       1

Menna Wednesday, 04 September 2019 12:10 AM

බදුර්දීන් හා සමාන වැඩ කරන්න වෙන්න ඇති. ලංකාව පිටරටින් සල්ලි ගෙන්න ගන්න කරන මෝඩ වැඩ නතර කරොත් හොඳයි.

:       0       87

ගැමුණු Wednesday, 04 September 2019 12:17 AM

ඕවට අත උස්සලා බෞද්ධ ඡන්ද ටිකට කෙලව ගන්න පුළුවන්ද අප්පා ...?

:       25       16

surath Wednesday, 04 September 2019 01:50 AM

යන්තම් ඇස් ඇරිලා කට්ටියගේ

:       0       31

Mahee Wednesday, 04 September 2019 02:04 AM

හිස්බුල්ලට පුළුවන් නම් මට බැරිද, නැද්ද ජෝන් අයියෙ?

:       0       20

dhammika Wednesday, 04 September 2019 03:25 AM

අනිත් අය විරුද්ධ නොවුනේ ඇයි? ඒ කට්ටිය කලවම්ද?

:       3       30

jayath Wednesday, 04 September 2019 03:26 AM

ජෝන් ආතාගේ වයසට යනකොට මොලේ කොලොප්පන් වෙලා වගෙයි. හැබැයි මොලේ එහෙම වුණාට සමහර අවයව නම් හොඳට වැඩ කරනවා කියලා තමයි ආරංචි..!

:       10       42

Amila Wednesday, 04 September 2019 04:38 AM

මේ අර හිටපු පළාත් ඇමතිලාට වාහන දෙන්න ගිය ජොකියා වගේ තව එක්කෙනෙක්... මේ මනුස්සයා වගේ වලපයයි, ගොඩපයයි අය පාර්ලිමේන්තු එවන අයට තමයි ගහන්න ඕනෑ. 55 පැනපු කිසිකෙනෙක් ජනාධිපතිලා කරන්නත් එපා පාර්ලිමේන්තු යවන්නත් එපා.

:       0       20

රවින් Wednesday, 04 September 2019 06:21 AM

සෑම භාණ්ඩයකම කල් ඉකුත්වන දිනයක් තියෙනවාවගේ දේශපාලකයින්ගේත් කල් නිකුත්වන දිනයක් අත්‍යවශ්‍යයි. පැරණි සිතුවිලි හා අදහස් එක්ක මෙරට කවරදාවත් ඉදිරියට නම් නොයයි. පැරණි අයවලුන් ගැලරියේ විසිල් එකට වැඩ කරන්නේ. තාමත් ඒගොල්ලෝ දන්නේ නැහැ නවීන සිනමා ශාලාවල ගැලරිය නැහැ කියලා. අලුත් ලොවක් කරා අපි යමුද?

:       0       6

rim Wednesday, 04 September 2019 01:09 PM

දැන් ඔය පල්ලිය නිසා පරිසරයට හානියක් නැද්ද? ඔක්කොම බදියුදීන්ට විතරද?

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 657 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 841 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 363 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site