(ඉන්දිකා රාමනායක)
බීමත් රියදුරන් සහ රථවාහන වැරදි සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා පැය 24ක් තුළ සිදුකළ මෙහෙයුමෙන් බීමත් රියදුරන් 245දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම මෙහෙයුම ඊයේ (11) පෙරවරු 6.00 සිට අද (12) පෙරවරු 6.00 දක්වා පැවැත්විණි.
මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන්ට අමතරව විවිධ රථවාහන වැරදි සම්බන්ධයෙන් 10170කට චෝදනා එල්ල කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.
වැඩිම බීමත් රියදුරන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ තංගල්ල ප‍්‍රදේශයෙන් බවද රථවාහන පොලිස් මුලස්ථානය කියයි.
මෙම මෙහෙයුම් අඛණ්ඩව සිදුකළ බවත් අත්අඩංගුවට ගත් බීමත් රියදුරන්ට ඇප ලබා නොදී ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන බවත්, වාහන මුදා නොහරින බවත්, පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
අහිංසක පදිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් නරුමයින් මිනිසුන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න...
මෙවැනි අයට මෙදා පාර හිර ගෙදර තුළ අවුරුදු සමරන්නට සලස්වන්න.
ඔව් ඩයස් ඒක නම් හොඳ අදහසක්. හැබැයි කෑම බීමට යන වියදම් ඔවුන්ගෙන් අය කරගත යුතුමයි. මහජන මුදල් ඒවාට වියදම් කළයුතු නැහැ.
යාළුවන් සමග බොන්න ඕනෙනම් ත්‍රීවීලර් වල යන්න බීලා ත්‍රීවීලර් වල එන්න. බීලා වාහන පදවලා අහුවෙලා එක එකාලට ඔලුව කසනනයි සල්ලි පූජා කරන්නයි ඕනේ නැත...
බීමත් රියැදුරන් වාහනේ පදවන්නේ පාරෙ යන අනිත් අයටත් තමන්ටත් මරු කැඳවන්න. ඒ වගේ අයට අමතක නොවන අච්චුවක් කිරීමෙන් ජීවිත ගණනාවක් බේරා ගැනීමේ ආනිසංශ අත්වෙනවා ඒකාන්තයි.
මේකට අදාල නොවුනත් ලියන්න ඕනේ දෙයක් තිබෙනවා රථ වාහන පොලිස් නිලධාරීන් ගැන, නගර තුල වාහන තද බද තිබෙන අවස්ථා වල පොලිස් නිලධාරියෝ අතපය වනමින් වාහන හසුරවන්න දෙන සංඥා තේරුම් ගැනීමට සමහර වෙලාවට හරිම අපහසුය, කරුණාකර පොලිස් නිලධාරියෝ වාහන හැසිරවීමේදී ලංකාවේ රථවාහන නීතියට අනුකුල, විදිහට නීති පොතේ තිබෙන ලෙස පාර මැද සිට සංඥා නිකුත් කරන්න ,
නීතියට ගරු නොකරන මේ අයගේ රියදුරු බලපත්‍රය අහෝසි කරන්න. 13.04.2019 ඊයේ දින අනුරාධපුර පාදෙණිය පාරේ එක් අයෙකු මිය ගියා. වහාම මෝටර් බයිසිකල් ධාවනය ගම තුලට සිමා කරන්න. ජීවිතයක වටිනාකම 260000/- ක් ද?