( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අභියාචනාධිකරණය අද (22) තීන්දු කළේය.
ඒ අනුව ලබන මාර්තු මස 13 වැනිදා තෙක් හිටපු ජනාධිපති ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හැරීමට අධිකරණය නියම කළේය.
ලලිත් වීරතුංග මහතා විසින් කළ ඉල්ලීමක් සළකා බැලූ දීපාලි විජේසුන්දර සහ රුවන් ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය කරන ලදී.
ලලිත් වීරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ජනාධිපතිවරයා සමඟ ඉන්දියාවේ සංචාරය කිරීම සඳහා ඇරයුමක් ලැබී තිබෙන බැවින් අදාළ කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලීමක් කළේය.
එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඬුල්ල විසින් වීරතුංග මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මාර්තු මස 13 වැනිදා තෙක් ලිහිල් කිරීමට නියම කළේය.
සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ලලිත් වීරතුංග මහතාට කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර තුනක සිරදඬුවම් සහ රුපියල් ලක්ෂ පනහක දඩයක් නියම කර ඇති අතර එම තීන්දුවට එරෙහිව විරතුංග මහතා විසින් අභියාචනාධිකරණය වෙත විශේෂ අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනයට අදාළව වීරතුංග මහතාට ඇප ලබා දීමේදී ඔහුගේ විදේශ ගමන් අභියාචනාධිකරණය විසින් තහනම් කර තිබිණි. එම තහනම තාවකාලික ලෙස ඉවත් කරන ලෙස ඉල්ලමින් වීරතුංග මහතා විසින් අද අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ප්‍රධාන පක්ෂ එකකටවත් සියයට පනහ ඉක්මවා ගිය ඡන්ද ප්‍රතිශතයක් නොලැබුණු කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර මේ වන වි
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ලලිත් වීරතුංගගේ රට ගමන් තහනම ඉවතට
පිටිගල මිලානෝ Friday, 22 November 2019 11:44 AM
ඊළඟට දුමින්ද සිල්වායි, තංගල්ලේ සභාපතියි එළියට ඇවිල්ලා මහමැතිවරණට තරඟ කරනවා. වෙනස සැපද?
SamanSaturday, 23 November 2019 02:33 AM
ලලිත් වීරතුන්ගව දුමින්දලාට සමාන කරන්න බැහැ. හරි හෝ වැරදි හෝ වීරතුංග කරේ තමන්ගේ ඇමතිවරයාගේ නියෝග ක්‍රියාත්මක කිරීම පමණයි. අනික ඔහු මේ දේවල් තමන්ගේ පුද්ගලික වාසියට ගත්තේ නැහැ. ඔය වගේ නිකුත්කරපු නියෝගය ක්‍රියාත්මක කරන්න පටන්ගත්ත නිසා තමයි අද හිටපු සමෘද්ධි ලොක්ක චෝදනාවලට ලක්වෙලා ඉන්නේ.
සෙනෙවිරත්න Saturday, 23 November 2019 02:38 PM
සමාන වෙන නොවෙන හැටි ලඟදීම පෙනේවි...
BamunuarachchiSunday, 24 November 2019 06:24 AM
මේගොල්ලන්ගේ ගොන් කතා වලට ඔබේ වචන නාස්තිකාර ගන්න එපා. මේගොල්ලන්ට හිතන්න පුළුවන් කමක් නැහැ පොල්පිත්තක් ආවත් අපි එජාප.
MaheeSunday, 24 November 2019 07:36 AM
ලලිත් දුමින්ද සමාන කරන්න බැහැ කියන එකට මමත් එකඟයි. නමුත් ඇමතිගේ නියෝගයක් වුනත් නීති විරෝධී බව හොඳින්ම දන්නා ඉතා ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන් වන ලලිත් සහ අනුෂ ජනාධිපතිගේ වැරදි නියෝගය ක්‍රියාත්මක කිරීමට පෙර කළ යුතු වූ දේවල් කීපයක් තිබුනා. ඒ කිසිත් නොකර ඔවුන් රාජ්‍ය දේපල අයුතු පරිහරණයකට ලක් කළ නිසයි ඔවුන් වැරදිකාරයෝ වුනේ. කවුරු කළත් වරද වරදක් හැටියට දකින්න පුරවැසියන් හැටියට අපි පුරුදු වෙනතාක් කල්, හොරාට හොරා කියන්න අපි මැලිවෙන තාක් කල් අපිව හඳුන්වන්න සුදුසු වචනයක් තියෙනවා. "අපි වහල්ලු"
alibaba Friday, 22 November 2019 11:59 AM
එක එක සැරින් සැරේ ඕනේ නෑ.. බැරිද ඔය ඔක්කොම එක සැරේටම නිදහස් කරලා දාන්න..
GuneFriday, 22 November 2019 02:09 PM
පුළුවන්, ඔය ගොල්ලන් කෑ ගහනවනේ... ඒ හින්දා ටික ටික තමයි...
සෙනෙවිරත්න Friday, 22 November 2019 01:20 PM
අන්න එහෙමයි නියමයි...
Chathuri Friday, 22 November 2019 01:38 PM
මේ ආණ්ඩුව ළඟදීම ගෙදර යවයි වගේ... කෝ මේ හාමුදුරුවරු රට වෙනුවෙන් සටන් කරන...?
විජිත් Saturday, 23 November 2019 11:54 AM
රට වෙනුවෙන් සටන් කරන එක හාමුදුරුවන්ට අයිති වැඩක් නොවෙයි චතුරි. එහෙම කරනවා නම් ඒ අය උපැවිදි වෙලා කරන්න ඕනෑ. බුදුදහමේ කොහෙවත් කියලා නැහැ දේශපාලුවන්ට කඩේ යන්න කියලා බුද්ධ පුත්‍රයින්ට. සමහර දූෂිතයින් ඒවත් හදාගෙන තියෙනවා. කෙනෙක් සිවුරක් දමාගන්නේ සසර කලකිරීමෙන් ඉන් එතෙර වන්නට ක්‍රමයක් හොයන්නටයි. එහෙම නැතිව අපේ රටේ ඉන්න දේශපාලකයින් වෙනුවෙන් කඩේයන චීවරධාරීන් කරන දේවල් කරන්න නොවෙයි. අපේ රටෙත් සිල්වත්, සුපේශලකාමී හිමිවරු ඉන්නවා. හැබැයි ඉතාමත් අඩු ප්‍රමාණයක්... එතුමන්ලා එන්නේ නැහැ දේශපාලුවන්ගේ පතුල ළඟ වැටී කාර් පර්මිට් ඉල්ලලා. ජොබ් පර්මිට් ඉල්ලලා. අපේ රට විනාශකළේ ඔය දේශපාලකයන් පස්සේ යන දුශ්ශීලයින් තමයි. නිදහස ලැබිලා අවුරුදු 71ක් වුණා.. ඒ අයගේ අවවාදවලින් වෙලා තියෙන්නේ රට තවත් විනාශ වීම පමණයි. ඉස්සර ප්‍රංශයේ තිබිලා තියෙන්නෙත් මේ වගේම ක්‍රමයක්. රජා රට පාලනය කළා. පූජකයින් රජාව පාලනය කළා. ඒ අය ඉල්ලන ඉල්ලන දේවල් රජාට දෙන්න වුණා. ඒ සඳහා රට වැසියාගෙන් බදු අය කළා. මේ ක්‍රමය වෙනස් කලේ නැපෝලියන් අධිරාජයායි. රාජ්‍ය ආගම්වලින් සම්පූර්ණයෙන්ම වියුක්ත විය යුතුයි. මට ආගමික උපදේශකයින් අවශ්‍ය නැත.' කියලා නැපෝලියන් කීවා.
ජයනාත්Saturday, 23 November 2019 01:08 PM
විජිත්, ඔයා කියන ඔය හොර චීවර ධාරීන් නිසා තමයි බණ්ඩාරනායක මහත්මයාට සිදුවුනේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්න පැය 24 න්. එතැනින් පස්සේ සිංහල දෙමල ජනතාව බෙදෙන්න පටන්ගත්තා. දෙපැත්තේම දේශපාලකයින් තම තමන්ගේ ජනතාවගේ ඔලුවලට අනවශ්‍ය කුණු කන්දල් දැම්මා. ඒ අතරේ කැලණිය පන්සලේ ලොකු හාමුදුරුවෝ බුද්ධරක්ඛිත තමන්ගේ නැව් සමාගම් ආරක්ෂා කරගන්න බණ්ඩාරනායක මහත්මයා සමග ලොකු සටනක් කළා. ඒ වගේමයි බස් හිමියන් සමගත්. අන්තිමට නැව් සමාගම් සහ සියලුම පුද්ගලික බස් සමාගම් ජනසතු කළා. ජනතාව සතුටුවෙන අතරේ තවත් චීවරධාරියෙක් බණ්ඩාරනායක මහත්මයාව ඝාතනය කළා. මේ දුස්සීල චීවරධාරීන්ගෙන් රට බේරා ගන්න නම් කල යුත්තේ ධර්ම සංගායනාවක් පැවැත්වීමයි. එතකොට දුස්සීලයින් ඔක්කොටම ශාසනයෙන් එළියට යන්න වෙනවා. එහෙම වුණාම ඒ අයට ලැබෙන සියලුම ලෞකික දේවල් නොලැබී යනවා. එහෙම වුණාම ශාසනයේ ඉතිරි වන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණයක්වූ සිල්වත් හිමිවරුන් පමණයි. ඒක තමයි සිදුවිය යුත්තේ... නමුත් ඒ නිසා තමයි සංඝ මාෆියාව මේ සංගායනාවට විරුද්ධ. සියලුම රජයන් අසරණයි.. මොකද මේ අවුරුදු 70 පුරාම රට පාලනය කල රජයන් පාලනය කලේ මේ දූෂිත මාෆියාව බැවිනි. මේ මාෆියාව නැතිකළදාට රට ගොඩ...
MaheeSunday, 24 November 2019 07:49 AM
ඔබ සමගත්, ජයනාත් සමගත් 100% ක් එකඟයි. මම ඔහොම කියන කොට කෙනෙක් මට කිව්වා 'එහෙනම් දුටුගැමුණු රජ්ජුරුවෝ සංඝයාව හිස් මුදුනින් පිළිගත්තේ' කියලා. දුටුගැමුණු රජ්ජුරුවන්ගේ තිබුන අරමුණ රට එක්සත් කර සැබැ සාමය ඇතිකර රටම සංවර්ධනය කිරීමයි. රජ්ජුරුවන්ට ඒ කාර්යය කල හැකිවුනා. ද්‍රවිඩ සෙන්පතියන් රජුට සේවය කළා. තමන් අතින් මැරුණු එළාරට ඉහලම ගෞරවය දුන්නා. සංඝයා අනුසාසනා කලේ අන්න ඒවාටයි. උන් වහන්සේලා ලාභාපේක්ෂාවෙන් රජ්ජුරුවන්ට කඩේ ගියේ නෑ. රජුට යුද්ධයේදී උදවු කරන්න හිතපු ථේරපුත්තාභය වැනි හාමුදුරුවරු සිවුර අත් හැරලා යුද්ධය දිනවලා දීල අයෙත් ආපහු ගිහින් මහණ වුනා. අන්න ඒ කාලේ සංඝයා වහන්සේලා. ඒකටත් එක්ක අද. අයියෝ සංසාරේ!
Nuwan Friday, 22 November 2019 02:07 PM
ඔන්න ඕකට තමයි කියන්නේ සිංහල බෞද්ධ ජනතාවට කොකා පෙන්නනවා කියලා...
janadariSaturday, 23 November 2019 01:10 PM
ඔයා කියන ඔය ඊනියා සිංහල බෞද්ධ අය තමයි මේ අයව බලයට පත් කලේ... නොදැන නොවෙයිනේ. දැනදැනමනේ. හිඟන්නෙකුට කොළඹ පාරේ නිදාගන්න නොදුන් අය ගැන තව මොන කතාද...?
samiraSaturday, 23 November 2019 04:59 PM
අපිට අමතක නැහැ.කොළඹ නිදාගෙන උන්න යාචකයින්ගේ ඔලුවලට විශාල ගල් අතහැරලා ඝාතනය කළා. ආයෙත් ඒවා පටන්ගනිවී. වහල්ලුන්ට ඕන කළෙත් ඒකමනේ. හැබැයි ඉතින් මිනීමරුවන්ට පාණාතිපාතා කියලා පිරිත් නුල් බදින්න නම් ඕනෑතරම් දුෂ්ශීලයන් ඉන්නවා.
Mahesh Friday, 22 November 2019 02:51 PM
පාවෙන ඡන්ද ගොඩ දැන් ඉස්සරට වඩා වැඩියි. ලක්ෂ විස්සක් හෝ තිහක් වගේ තියෙනවා ඒ ගොඩේ. මේ වෙන දේවල්වල හැටියට ඒ මිනිස්සු ගොඩ වෙනස් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා.. 2010 ලොකු රැල්ලක් වගේම ලක්ෂ විස්සකින් දින්නා.. 2015 ලක්ශ කීපයකින් පැරදුණා. දැන් ආයේ 2019 ලක්ෂ දහයකින් දින්නා. ඒක රැකගන්න වෙනවා. නැත්තම් ඉතින් ඉවරයි..
ajith Friday, 22 November 2019 03:02 PM
කොකා පෙන්නුවා නොවෙයි. එක්කෙනෙක් එළියට ගත්තා විතරයි.
පෙරුමාල් Friday, 22 November 2019 03:30 PM
නීතිය රටේ හැම දෙනාටම සමානයි. සමහරෙකුට වැඩියෙන් සමානයි. වෙනත් අයට අඩුවෙන් සමානයි. නීතිය මොකක්ද කලින් කියන්න බෑ. මොකද, සමහරු කතා කරන වචනෙ තමයි ඒ වෙලාවට නීතිය. ඊට පස්සෙ ඒකත් වෙනස් වෙනවා.
Sinhalaya Friday, 22 November 2019 11:07 PM
පෙරහරේ තාම කසකාරයෝ මේ එන්නේ... හොඳ සෙල්ලම් තව පස්සට අපේ හාමුදුරුවනේ..!!!
Lion Saturday, 23 November 2019 01:23 AM
ඡන්දෙට අල්ලස් දීපු අය ගොඩ... තව ඉස්සහරට යනකොට තාජුදීන් මියගියේ රිය අනතුරකින් කියලා කිව්වොත් පුදුම වෙන්න එපා..
sandy123 Saturday, 23 November 2019 06:03 AM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. ඔහොම යන් ඔහොම යන්... හොඳම ඇමැති මණ්ඩලයකුත් පත්කර ගත්තනේ.
Rata Perata Saturday, 23 November 2019 09:01 AM
අපේ රටේ අධිකරණයත් දූෂිත තත්වයට පත්වෙලා. දැන් නිදිපාල සිල්වානේ ඇමති. එයා නිදාගනියි.
ramith Saturday, 23 November 2019 12:03 PM
ඡන්දෙ දුන්න ගෝත්‍රිකයින්ට තව මාස දෙක තුනකින් හතේ හත වදිනවා. අනිවාර්යයෙන්ම මේ ගොල්ලෝ බලෙන් බදු ගහනවාමයි. එ්කටම ගැලපෙන හොරු ටිකක් පාර්ලිමේන්තුවට පත්කර ගනීවි. මට නම් කමක් නැහැ. මට සල්ලි තියෙනවා. ඉඩකඩම් තියෙනවා. නමුත් මම නිතරම කතා කලේ විකල්පය බලයට ගෙනෙන්නටයි. ඒ මම මගේ රටට ආදරේ නිසයි. නමුත් රටේ වැඩිපුර ජනතාවක් දුක් විඳින්නට ආසා නිසා හොරු රැලකට ඡන්දය දීලා බලයට පත්කරගත්තා. කුම්බලා මාළු කෑවා නම් - විඳවපන් බළලෝ, කියලා කතාවක් තියෙනවනේ...
සෙනෙවිරත්න Saturday, 23 November 2019 02:41 PM
සහතික ඇත්ත මහත්තයා.... අපි බලා ඉමු. ප්‍රශ්නය තියෙන්නේ මේ ඡන්දෙ දීපු අය විඳින දුක බලා ඉන්න එක තමයි අමාරු...
Nandalal DE SILVA - FranceSaturday, 23 November 2019 11:37 PM
ඕකට තමා ඉල්ලන් කනවා, ඇදගෙන නානවා කියන්නේ. උඩ පැනගෙන පොහොට්ටුවට කතිරේ ගහපු අයට, නිකන් දෙනවා කියපු දේවල් නොලැබෙන කොට යකා නැගලා අම්ම මුත්තා සිහි කරමින් හැම හන්දියක් ගානෙම දාන බජව් මාර "විනෝද සමයක්" වගේ වෙන්න පුළුවන්.
BamunuarachchiSunday, 24 November 2019 06:34 AM
ෆොට්ටුවට චන්දෙ දීපු අය නිකන් කිසිවක් බලාපොරොත්තු උනේ නැහැ. වැටුපෙන් 50% ක් පමණ රජයේ සේවකයින්ට පඩි වැඩි කරලත් ඔවුන්ගේ තැපැල් ඡන්දයෙනුත් එජාපය පරාදයි. ඒකෙන් තේරෙනවා පොහොට්ටුවට ඡන්දය දීපු අය පිනට කන්න ලැහැස්ති නැහැ. රැකියාවල් දීමේදී ගමේ දුප්පත් මිනිහාගෙන් පටන් ගන්න කියලා ජනාධිපති කීවා. නැතුව උස කෙනාට සිකියුරිටි. කොට කෙනාට දත් ගලවන්නයි කියලා තේරුවේ නැහැ.මේ ගොල්ලෝ කෙල හල හලා රජය පස්සෙන් යනවා හිවල්ලු වගේ. තවමත් මේ මැට්ටෝ ඇයි අපි පැරදුනේ කියලා හිතන්න පුරුදුවෙලා නැහැ. ඉස්කෝලේ ගිය කාලේ ෆේල් උනාම තමන්ට වැරදුනේ, බැරිඋනේ මොන පාඩම්ද කියා බලනවා වෙනුවට පාස් උන ළමයා උසස් පන්තියෙදී අනාගනී කියා බලාගෙන ඉන්න ජාතියක්.
BamunuarachchiSunday, 24 November 2019 06:38 AM
අපි බජව් දාන්නේ රටට සුභ කාලයක් ආවාට නොවෙයි. රටේ දුර්ධාන්ත කාලය එජාපයින් ලවාම ඉවර කර ගත්තාට තේරුනාද?
athuraMonday, 25 November 2019 04:57 AM
තව ටික දවසකින් බමුණා අතුරුදහන්...
ara Saturday, 23 November 2019 02:22 PM
රාජ්‍ය නිලධාරියකුට නොගැලපෙන ලෙස 2015 දී මැතිවරණයට එක් අපේක්ෂකයෙක් වෙනුවෙන් ප්‍රචාරණ වැඩ කළා.
samSunday, 24 November 2019 07:02 AM
දැන් ඔය කියන කතාව යහපාලන රජයේ සමෘද්ධි ලොක්කා ගිය මාසයේදී වාසි වෙන්න වැඩ කරලා අහුවුණු එකටත් අදාලද? නැත්නම් ඒක විතරක් ඇමතිගේ නියෝගයක් කියලා කියන්නද යන්නේ ?