IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්වසන ආබාධයකින් පෙලුණු කත රෝහලට ගෙන එන්නටත් කලින් මරුට

(කාංචන කුමාර ආරියදාස)

ශ්වසන ආබාධයකින් සහ උණ රෝගයකින් පෙළුණු නාවුල ප්‍රදේශයේ කාන්තාවක් ග්‍රාම නිලධාරීවරයාගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් දඹුල්ල රෝහලට රැගෙන එමින් සිටියදී මියගොස් ඇතැයි දඹුල්ල පොලීසිය කියයි.

1990 නාවුල පොලිසියට අයත් ගිලන් රථයෙන් මෙම 75 හැවිරිදි කාන්තාව අද පස්වරුවේ රැගෙනවිත් තිබෙන බවත් ඇය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් සිටීමෙන් මෘත ශරීරාගාරය ප්‍රදේශයට ගිලන් රථය රැගෙන ගොස් වෙනත් අයට ලං නොවන ආකාරයෙන් තබා තිබෙන බව දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක මහතා පැවසීය.

75 හැවිරිදි මෙම කාන්තාව සහ තවත් දෙදෙනෙකු නිවසේ සිට ඇති බවත් ඇයගේ පුතෙකු මීගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරමින් සිට මීට දින 10 කට පමණ ඉහතදී නිවසට පැමිණ තිබුණු බවත් දින කිහිපයක සිට මෙම කාන්තාව උණ රෝගය හුස්ම ගැනීමේ අපහසුතාවය කැස්ස ආදී රෝග ලක්ෂණ වලින් පෙලී තිබෙන බවයි.

කෙසේ වෙතත් ඇය ප්‍රතිකාර ලබා නොගෙන සිටින අතරතුරදී රෝග තත්ත්වය උත්සන්න වී ග්‍රාම නිලධාරිවරයාට දැනුම් දීමෙන් පසු වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මැදිහත්වීමෙන් 1990 ගිලන් රථයෙන් කාන්තාව දඹුල්ල රෝහලට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අසනීප තත්ත්වයෙන් පෙළුණු මව ගිලන් රථයෙන් රැගෙන එද්දී ඇය ගේ පුතා පැමිණීමට මැලිකමක් දැක්වූ නිසා ඇය පමණක් රැගෙන ආ බවද කාන්තාව ගිලන් රථයට ඇවිදගෙන පැමිණ ගොඩවූ බවද අතර මගදී මියගිය බව ගිලන්රථ සේවකයෝ පොලිසියට පැවසූහ.

නිවසේ රැඳී සිටින අනිත් දෙදෙනා ද අසනීප තත්ත්වයකින් පෙළෙන බව ද ගිලන්රථ සේවකයෝ පොලිසියට වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් පැවසුහ .

මෙම මියගිය රෝගී කත සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතාගේ උපදෙස් පරිදි වෛද්‍යවරුන් කාර්ය මණ්ඩලය වහාම ඉතා ආරක්ෂිත ක්‍රමවේදයන් උපයෝගී කරගෙන මළසිරුරු රුධිර කොටස් ලබාගැනීම සිදුකරනු ලැබීය.

දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රදීප් දිසානායක මහතා කියා සිටියේ රුධිර සාම්පල් මහනුවර මහ රෝහල වෙත යවන බවත් මියගිය කාන්තාවගේ මෘතදේහය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කළේය.

මෙම කාන්තාවට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පරීක්ෂණ කටයුතු නිම කරන තුරු ප්‍රකාශ කිරීමට නොහැකි බව වෛද්‍යවරු පවසති.


 

 



අදහස් (3)

ස්වසන ආබාධයකින් පෙලුණු කත රෝහලට ගෙන එන්නටත් කලින් මරුට

බද්රානි Monday, 06 April 2020 06:11 PM

ඒ කාන්තාව රෝහලට යන අතරතුර අර මාෆියා සංගම් කල්ලියේ මුහුණු ටික මතක් වෙලා හුස්ම හිරවෙන්න ඇති? පව් ඉතින් මොනා කරන්නද? මාධ්‍යය ඉදිරියේ බඩ පිනුම් ගහමින් සිටින්නේ ඒ ගොල්ලොනේ දැන්? මට නම් දකිද්දීත් භය හිතෙනවා?

:       52       163

දසුන් Monday, 06 April 2020 07:41 PM

තමන්ගේම පුතා මගහැරියාම ලෙඩදුක්වල වේදනාවටත් වඩා හිතේ දුක වැඩිවෙන්නැති.

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 07 April 2020 01:05 AM

මෙය ඉතාමත්ම භයානක තත්වයක්. ඉතාලියේද මෙවන් අදෘශ්‍යමාන මහජන සම්බන්ධතා නිසා අහිංසක වයසක අයට කොරෝනා තෑග්ගක් ලෙස ලැබුන බව මා මීට කලින් මෙම පුවත්පතටම අදහස් දැක්වුවා. ලාංකිකයිනි බුද්ධිමත්වන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31144 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13282 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site