IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විදේශ අමාත්‍යාංශය ඇමරිකාවෙන් යුද හමුදාපතිට පැනවූ තහනම හෙළා දකී

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවන ලද සංචාරක තහනම හෙළා දකින බව විදේශ සබඳතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකා එක්සත් ජනපදය එම පියවර ගෙන ඇතැයි ද ශ්‍රී ලංකා රජය ඊට විරෝධය පළ කරන්නේ යැයි ද එම නිවේදනයේ දැක්වේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ එම නිවේදනයේ මෙසේ ද දැක්වේ. 

"ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා මහතාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට සංචාරක තහනම් පැනවීමට එරෙහිව ශ්‍රී ලංකාව දැඩි විරෝධයක් දක්වයි.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා හමුදාවේ වත්මන් අණදෙන නිලධාරී සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මානව හිමිකම් උල්ලංඝණය කරන ලද පුද්ගලයකු ලෙස හඳුනාගෙන ඇති බව නිවේදනය කර ඇති අතර ඒ හේතුවෙන්  ඒ මහතා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයන් එක්සත් ජනපදයට ඇතුල් වීමට නුසුදුසු පුද්ගලයන් බවට පත්වී ඇති බව පෙන්වා දී ඇත.

ස්වාධීනව තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව එක්සත් ජනපද රජය විසින් ලුතිනන් ජෙනරාල් සිල්වා සහ ඔහුගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ට සංචාරක සීමා පැනවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරයි.

ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සැළකිල්ලට ගනිමින් එවකට රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කළ බවත් ඔහුට එරෙහිව මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳ කිසිදු සනාථ කළ හෝ ඔප්පු කළ චෝදනාවක් නොමැති බවත් රජය නැවත අවධාරණය කරයි.

වත්මන් රාජ්‍ය නායක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස උසස් කරනු ලැබුවේ ඔහු දීර්ඝ කාලයක සිට සේවය කරන ජ්‍යෙෂ්ඨතම හමුදා නිලධාරියා වීම හේතුවෙනි.

ලුතිනන් ජෙනරාල් සිල්වා මහතා යුද හමුදාපති ධුරයට පත් වී මාස 6ක  කාලයක් ගතව තිබියදී එම තනතුරට පත් කිරීම හේතුවෙන් මෙම සංචාරක තහනම පැනවීම සිදුකර ඇති අතර, විශේෂඥතාවයකින් යුත් පුද්ගලයන් ජාතික ආරක්‍ෂාවට තනතුරු දැරීම පදනම් කරගෙන,විදේශීය රජ්‍යයක් ප්‍රජාතාන්ත්‍රවාදීව පත්වූ ජනාධිපතිවරයකුගේ පරමාධිපත්‍ය පිළිබඳව ප්‍රශ්න කිරීම කනගාටුවට කරුණකි.

තොරතුරු මූලාශ්‍රවල සත්‍යතාව තහවුරු කර එම තීරණය සමාලෝචනය කරන ලෙස ශ්‍රී ලංකා රජය එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී".

055



අදහස් (4)

විදේශ අමාත්‍යාංශය ඇමරිකාවෙන් යුද හමුදාපතිට පැනවූ තහනම හෙළා දකී

Pradeep Sunday, 16 February 2020 11:12 AM

රතු ඉන්දියානුවන්ගේ භුමිය බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් ඔවුන්ගේ මානව අයිතීන් කඩකළ පරපුරක නායකයෙක් කොහොමද තවකෙකුට චෝදනා කරන්නේ...තමන්ගේ ජාතියම, පරපුරම මානව හිතවාදීන් නොවන පසුබිමක ට්‍රම්ප් ගේ චෝදනා විසුළු කාරීයි. අනික ශවේන්ද්‍ර මහතා ප්‍රකාශ කොට තිබෙනවා ඔහුට හෝ ඔහුගේ පවුලේ අයට ඇමරිකාවේ සංචාරය කරන්න උවමනාවක් නැති බව.

:       0       65

සේන Sunday, 16 February 2020 11:48 AM

රටවල්වලට බලෙන් හමුදා අතුලත් කර ,රටවල්වල නායකයින් විනාශ කරමින් ලෝකයේ කිසිම රටකට ඔලුව උස්සන්න නොදී මොනවා හරි ප්‍රශ්නයක් ඇතිකරන ඒ ඒ රටවල ස්වභාවික සම්පත් කෙරෙහි උකුසු ඇස් දමා සිටින මොවුන් , කොටි ඩයස්පෝරාවේ පඹයන්වග නොවේද මේ සනාථ වන්නේ

:       0       138

අතුල Sunday, 16 February 2020 01:40 PM

ඇමෙරිකාව කාටවත් උවමනා විදියට යැපෙන්නේ නැහැ. ලංකාව මුලු ලෝකෙටම ණයයි. ඒ ණය මුදල් දේශපාලකයන් විසින් හොරකම් නොකර, 100% ම අදාල ව්‍යාපෘතිවලට යෙදෙව්වා නම් අපේ රටට මේ විනාශය වෙන්නේ නැහැ. දේශපාලකායන්ගේ මේ හොරා කෑම නිසා අවුරුද්දෙන් අවුරුද්දට අය-වැය පරතරය වඩිවෙනවා. අපේ රටේ වහල් ඡන්ද දායකයින් මේ තත්ත්වය තේරුම් ගන්න දවස වෙනකල්, එම වහල්ලු පමණක් නොව අනෙක් සියලුම දෙනාම දුක් විඳිනවා. යුදහමුදාපති තුමා ගැන තහවුරු නොකළ මූලාශ්‍ර මත පදනම්ව ඇමෙරිකා එක්සත් ජනපදය එම පියවර ගත්තද, එම තීරණය ඒ රටේ අයිතියක්. අපේ රටට උවමනා විධියට ඇමෙරිකාව තීරණ ගන්නේ නැහැ. අනික දෙමල ඩයස් පෝරාවට කරන්න පුලුවන් දෙයක් නැහැ. ඇමෙරිකාව තවමත් එල් ටී ටී ඊ සංවිධානය තහනම් සංවිධානයක් විධියට ප්‍රකාශ කරලා තියෙන්නේ. අනික වර්තමාන යුද හමුදාපතිවරයාට වඩා ‍ජ්‍යෙෂ්ඨ හය දෙනෙකු සිටියදී, ඔවුන් නොසලකා හැර තමයි මොහුට තනතුර දුන්නේ.

:       0       23

sharm warn Monday, 17 February 2020 04:26 AM

කොටි සංවිධානය ඇමරිකාවේ තහනම් හමුදාපති ත් තහනම් එතකොට කවුරු වෙනුවෙන් ද මේ තහනම ? මුකුත් නෙමෙයි එම්සිසි එකට අපිව බය කරලා අත්සන් කරගන්න නටන නාටකයක් විතරයි. ශවේන්ද්‍ර මහත්මයට ඇමරිකාවට යන්න ඕන කමක් නැහැ කියලා කිව්වම ඇමරිකානු තානාපතිනිය ට තේරුනාද දන්නේ නැහැ හොද කනේ පාරක් වැදුනා කියලා. ඇමරිකාව කියන්නේ මුල පටන් ම අනිත් සියලු ජාතීන්ගේ මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරපු රටක්. බයිලා කියන්න එනවා මෙතන...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31167 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13312 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10956 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 58 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site