(තිලකරත්න දිසානායක)
පොලිස් අණ නොතකා ධාවනය කළ බව කියන ත්‍රිරෝද රථයකට අද සවස ගම්පහදී වෙඩි තබූ බව පොලිසිය කියයි.
ගම්පහ - කොළඹ පාරේ ධාවනය වෙමින් තිබූ සැක සහිත ත්‍රිරෝද රථය නැවැත්වීමට අණ කිරීමේදී නොනවත්වා අතුරු මාර්ගයක් ඔස්සේ ධාවනය කළ බව පොලිසිය පවසයි.
වෙඩි වැදීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරුගේ අතකට වෙඩි වැදී ඇති අතර ඔහු ගම්පහ රෝහලට ඇතුළත් කර තිබේ.
රියදුරු බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි 31පුද්ගලයෙකු බව අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරීන් ත්‍රීරෝද රථය ලුහු බඳිමින් අවස්ථා කිහිපයකදීම නතර කිරීමට අණ කර ඇතත් නොනැවැත්වීම මත වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් අණ නොතැකීයැයි ත්‍රිරෝද රියට වෙඩි
ලුම්බිණි Thursday, 20 June 2019 11:20 PM
පොලිස් අණ නොතකා ධාවනය කරන වාහන වලට වෙඩි තියන එක ඉතාම වැරදියි. එවැනි වාහන අල්ල ගැනීමට වෙනත් ක්‍රම යොදා ගත හැකියි. රියදුරා පොලිස් අණ නොදැක ගියා නම් එවැනි අයෙකුට වෙඩි තියන එකෙන් සමහර වෙලා වට ජීවිත හානි වෙන්නත් පුළුවන්.
MaheeFriday, 21 June 2019 07:47 AM
ඔබ සමග මුළුමනින්ම එකඟයි. අවස්ථා කීපයකදී වාර්තා වුණා පොලිසියේ සංඥාව නොදැක වාහන ධාවනය කරලා වෙඩි කාපු රියදුරන් ගැන... දැන් සමහර විට මේ ත්‍රිරෝද රථයේ තිබිලා කුඩු නැත්නම් ආයුධ එහෙමත් හමුවෙන්න ඉඩ තියෙනවා. අපි නොදන්න ලංකාව..!