(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් ඉවත් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවැසීය

යම් යම් විවේචන තිබුණද ආණ්ඩුව සමගම දිගටම කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවද හෙතෙම සඳහන් කළේ‍ය.

විවිධ පුද්ගලයන් නොයෙක් විදියේ ප්‍රචාර ගැන ගියත් ඒවා ගැන කලබල නොවන බව පැවසූ ජයසේකර මහතා ආණ්ඩුව සමග දිගටම වැඩ කරගෙන යන බවද ප්‍රකාශ කළේය.

ආණ්ඩුව ගැන කිසිම කලකිරීමක් නැතැයිද ඔහු පැවසුවේය.