(අජන්ත කුමාර අගලකඩ)
ගුරු සේවයේ සහ විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් විෂමතා රනුක්ගේ වැටුප් කමිටුවේ නිර්දේශ අනුව විසදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා බැලීමට පත්කළ ඇමැති අනුකමිටුවේ වාර්තාව සැළකිල්ලට ගනිමින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරිමට ඉකුත් සතියේ පැවැති කැබිනට් රැස්වීමේදී ඇමැති අනුකමිටුවක් පත්කරනු ලැබීය.
රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු ඇමැතිවරුන් හය දෙනෙකුගෙන් ගත් එම කමිටුව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරින්ගේ සංගමය දුම්රිය වෘත්තීය සමිති ගුරු සංගම් හා විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරිමෙන් පසුව අද (1) පැවැති කැබිනට් රැස්වීමට වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි.
එම වාර්තාව සැළකිල්ලට ගනිමින් අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අයගේ පමණක් නොවේ, සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්න. ෂොපින් බෑග් එකට බඩු ටිකක් අරගෙන එන්න සල්ලි මල්ලක් රැගෙන යන්න වෙන කාලය වැඩි ඈතක නැහැ. රුපියල් සියය දක්වා නෝට්ටු කොළ ටික අඩු ගානේ කඩල ගොට්ටක් ගන්නවත් ප්‍රයෝජනයට ගන්න හැකි වෙයිනෙ? අශිෂ්ඨ අරගලයකින් තොර ජයග්‍රහණයක් මේ සිරි ලංකාව තුල නැත?
කළොත් හොඳයි...
තනිකර රැවටිල්ලක්. ඔය දෙනවා කියන කිසිදෙයක් ලැබෙන්නෙ නැහැ. කොහේ තියෙන සල්ලිද? කරන්න ඕන දේ නෙවි කරන්නෙ. කරුණාකරලා පඩි වැඩි කරන්න එපා. ජීවන වියදම අඩු කරන්න. නාස්තිකාර අනවශ්‍ය වියදම් අඩු කරලා. බලයට තියෙන කෑදරකමට කරන දූෂිත වැඩ නතර කරන්න.
මෙය විශ්‍රමිකයින්ටත් අදාලයි.
ගුරුවරුන් නිසයි අද මම මේකට අදහසක් දන්න කියවා තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබුණේ... ලෝකයක මොනම නායකයෙක් වුණත් ඔවුන්ගේ ගුරුවරුන් එක්කෙනෙක් හරි ඉන්නවා. එ්ක නිසා ඔවුන්ගේ දීමනා සහ වැටුප් ඉහළ මට්ටමේ තිබිය යුතුයි.
1996.01.01 ට කලින් විශ්‍රාම ගිය විශ්‍රාමිකයින්ගේ වැටුප 2017 වසරේ රාජ්‍ය සේවයේ වැටුප් ලබන්නවුන්ගේ තත්වයට වැටුප ගණනය කර විශ්‍රාම වැටුප සකස් කරන්න කියල රජය නියෝග කළාට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඒක හරියට කරන්නේ නැහැ. 43% - 48% කින් විශ්‍රාම වැටුප වැඩි වෙන්න ඕනේ කියල චක්‍ර ලේඛ වලින් දැනුවත් කළාට වැටුප වැඩි වෙලා තියෙන්නේ 10% කින් 15% කින් විතරනේ. මේවා ගැන සොයල බලන්න. නැතිනම් මැතිවරණෙදි රජයට අවාසි වේවි.