
(ඩයනා උදයංගනී)
කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාල පනත අහෝසි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය සංවිධානය කළ උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපල ඉදිරිපිට දී අද (20) පැවැත්විණි.
සංවර්ධනය මුවාවෙන් සිදුකරන පරිසර විනාශයන් නතර කරනු, කම්කරු වැටුප් වැඩි කරනු, ක්‍ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරනු, මර්දනය නවත්වනු, ඇමෙරිකානු, චීන, ඉන්දියා බරපොරයට රටත්, ජනතාවත් බිලි නොදෙනු ආදී සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ යෙදුණහ.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා ඇතුළු එහි නායකයින් මෙන්ම කම්කරු අරගල මධ්‍යස්ථානය, විප්ලවවාදී ශිෂ්‍ය සංගමය, නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය, ඒකාබද්ධ ගුරු සේවා සංගමය ආදී සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
ඡායාරූප -- ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දැරියකගේ ප්‍රශ්නයක් වෙනුවෙන් රිෂාඩ් බදියුදීන්ගේ ඉස්සරහ කට්ටියක් පෙළපාලි යද්දී මේ ගොල්ලෝ ඇමෙරිකාවේ, චීනයේ, ඉන්දියාවේ ප්‍රශ්න වෙනුවෙන් මෙතන පෙළපාලි යන්නේ, අතන පෙළපාලි යනවට කවුරුවත් ගෙවන්නේ නැතුව ඇති...
අපේ හාමුදුරුවනේ ,රිෂාද් ගේ ගෙදර ඉස්සරහත් විරෝධතාවයක් තියනවා .එතනත් දානේ පාර්සල් බෙදනවාලු