(බිමල් ශයාමන් ජයසිංහ)

නව මැගසින් බන්ධනාගාරයේ නියාමකවරුන් ඝාතනය කිරීමට තොරතුරු රැසක් හුවමාරු කර ගත් හඬ පට රැසක් අඩංගු ජංගම දුරකථනයක් සමග සංවිධානාත්මක අපරාධ අපරාධ කල්ලි සාමාජිකයකු බොරැල්ල වනාතමුල්ලේ නිවසකදී අත්අඩංගුවට ගත් බව සහස් පුර පොලිසිය කියයි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව‍ය ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

බන්ධනාගාරය පරිශ්‍රයට මත්ද්‍රව‍ය අඩංගු බෝල සකසා විසිකිරීම සම්බන්ධයෙන් නම් දරා සිටින "බෝල සුරේශ්" නැමැත්තාගේ බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ නිවසේ සැකකටයුතු පුද්ගලයකු සිටින බවට සහස්‍රපුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් එදිරිවීර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්නකිරීමේදී 2025 වසරේ ජනවාරි මසදී මසදී ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේදී ද්විත්ව ඝාතනයක් සිදු කිරීම සඳහා පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු ඉකුත් 06 වෙනිදින මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය ඇතිවීමට දින තුනකට ඉහතදී ඇප මත නිදහස්ව පැමිණි පුද්ගලයකු බව පොලිසිය කියයි.