(සුජිත් හේවාජුලිගේ)

බන්ධනාගාරවලින්   පැන ගිය සිරකරුවන් 709 දෙනෙකු නැවත අත්අඩංගුවට ගෙන නැතැයි ජාතික  විගණන  නිකුත් කරන අලුත්ම වාර්තාවක සඳහන්වේ.

පසුගිය වසර හයක කාලයේදී දඬුවම් කාලය අවසන් වීමට පෙර නිත්‍යානුකූල නොවන ආකාරයෙන් පැන ගිය සහ මිදී ගිය සිරකරුවන් හෝ සැකකරුවන් සංඛ්‍යාව 1181කි.

මේ අතර බන්ධනාගාර ආයතන විසි දෙකකින් පසුගිය වසරේ අවසාන දිනට ජංගම දුරකථන 5083ක් සොයා ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

මීට  අමතරව චාජර් නමසිය හැත්තෑවක්ද  සිම් කාඩ් පත්  4149ක්ද වෙනත් උපාංග 3111ක්ද අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

මෙම උපකරණ බන්ධනාගාර රැඳවියන් අතට පන් නොවීමට විධිමත් පියවර ගත යුතු බවත් රැඳවියන් අතට පත්වීම හේතුවෙන් විවිධ නීති විරෝධී ක්‍රියාවන් සහ පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමෙන්  මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බවත් විගණන  නිලධාරින් නිරීක්ෂණය කර ඇත.

මේ තොරතුරු සඳහන් වන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.