(සුජිත් හේවාජුලිගේ)

හම්බන්තොට අම්බලන්තොට ප්‍රදේශයේ උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථානයකදී පසුගියදා  සිදුවී ඇතැයි පැවසෙන විභාග ප්‍රශ්න පත්‍ර  අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේ පරීක්‍ෂණ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  බාර දුන් බව  අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධූර සෙනෙවිරත්න මහතා පැවසීය.

එම මධ්‍යස්ථානයේදී ප්‍රශ්න පත්‍ර  මලු ලිහීමක් සිදුව ඇතත්  ප්‍රශ්න පත්‍ර පිටවීමක් සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු වී නැතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව සහ පොලිසිය විසින්ද මුලින්   විමර්ශනයක් පවත්වන ලදී.

එම සිද්ධිය හැරෙන්නට වෙනත් කිසිදු සිද්ධියක් අපොස උසස් පෙළ විභාගයෙන් වාර්තා වී නැති අතර විභාග කටයුතු සාර්ථකව සිදුවන බව
අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.