(මනෝප‍්‍රිය ගුණසේකර)
හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිශෝධන ඇයදුම්පත පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතා ප‍්‍රතික්ෂේප කළ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ප‍්‍රතිශෝධන ඇයැදුම්පත සැප්තැම්බර් 6 වැනිදා විභාග කිරීමට තීරණය කළේය.
මෙවැනි සිද්ධියකදී අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ විග‍්‍රහ කෙරෙන මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ඇප නියම කිරීමට මහෙස්ත‍්‍රාත්වරියට බලයක් නොමැති බවත් මිනීමැරුම් සිද්ධියකට අදාළ සැකකරුවන්ට ඇප නියම කළ හැක්කේ මහාධිකරණයකට පමණක් බවත් පෙන්වා දුන් විනිසුරුවරයා මහේස්ත‍්‍්රා්ත්වරියගේ නියෝගය නීතීයේ අපගමනය වීමට විශාල හේතූවක් විය හැකි බවත් පෙන්වා දුන්නේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා හමුවේ අද (01) කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කොට සිටින හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව විනිසුරුවරයා එලෙස නියම කළේය.
හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික බව සඳහන් කරමින් මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා නීතීපතිවරයා විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප‍්‍රතිශෝධන ඇයදුම්පත කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
102
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හේමසිරිට - පූජිතට එරෙහි ප‍්‍රතිශෝධන ඇයදුම්පත සැප් 6 දා විභාගයට
isuru Thursday, 01 August 2019 04:07 PM
අවංක මෙවන් නිලධාරීන්ගෙන් පුද්ගලික ප්‍රශ්නවලදී මෙහෙම පාලි ගන්නේ ඇයි ජනාධිපතිතුමනි...