(විනීතා එම් ගමගේ)
නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කළ තරුණ ප‍්‍රතිපත්තිය තමන් ජනාධිපති පදවියට පත්වී පළමු මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කරන බව එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.
එම තරුණ ප‍්‍රඥප්තිය සඳහා සජිත් පේ‍්‍රමදාස මහතා අද (28) සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී අස්සන් තබනු ලැබූ අතර ඉතිහාසයේ කිසි දිනක තරුණයන්ට ලබා නොදුන් අවස්ථා එයින් ලැබෙන බව හෙතෙම කියා සිටියේය.
ලොවම තරණය කළ ගෝලීය ජාත්‍යන්තරයේ විශිෂ්ඨ රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ද සෙසු රටවල් අත් දකින මහා ඩිජිටල් විප්ලවය ඇති කරන බවත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
මෙම තරුණ ප‍්‍රඥප්තිය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇතැයි ද එයින් අනාගත තරුණ පරපුර කොන්ද කෙලින් තබාගෙන ජීවත් වන පිරිසක් වනු ඇතැයි ද පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.
සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කළේ සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී අද (28) පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ තරුණ ප‍්‍රඥප්තිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දක්වමිනි.
(ඡායාරූප- චතුර එස් කොඩිකාර)




COMMENTS
ඕවා කරන්න ඉතින් දිනන්න එපැයි...
ඒ කියන්නේ දැනට ප්‍රතිපත්තියක් නැහැ කියන එක නේද?
පහුගිය අවුරුදු 4 ක් මේ රටේ හිටියේ මේ අය නෙමෙයිද? පොඩි කොල්ලො කෙල්ලො දාන ඩේටා කාඩ් එකට 50% බදු ගහලා පුංචි කාර් එකක් දිහා හැරිලවත් බලන්න බැරි තරමට බදු ගහද්දී හිටියේ ඔයාලා නෙමෙයිද? යුද්ධය වෙනුවෙන් තරුණ ජීවිතය කැප කරපු කොල්ලන්ගේ රණවිරු ගාය හොඳ කරන්න නේද බලය ඉල්ලන්නේ
පසුගිය මැතිවරණයෙන් පසු ජාතික රජයක් පිහිටවුයේ රටේ තිබු අවාසනාවන්ත තත්වයෙන් ගොඩ ගෙන රටට සහ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම උවත් එය එසේ සිදු නොවිණි. එපමණක් නොව එකම පවුලක තරුණ තරුණියන්ට සීමා වී තිබු අයිතිවාසිකම් සියල්ලක්ම රට වටා සිටින සියලු තරුණ තරුණියන් උදෙසාය. අවාසනාවට ජාතික රජයට එක්වූ බොහෝ දෙනෙකු අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්හේ නැත සියලු සුබවාදී කටයුතු වලදී කකුලෙන් ඇදීම පමණක් කළේය. වර්තමාන රජය තරුණ පිරිස් වෙනුවෙන් අතිවිශාල වගකීමක් ගෙන තිබේ. අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය සහ මාධ්‍ය තුලින් ඉදිරියට පැමිණ අදහස් දැක්වීමට පාසල් සිසුන්හට අවස්ථාවන් විවර කර තිබේ. තරුණයන් වෙනුවෙන් පමණක් නොව වැඩකරන සියලු ජනතාවට ඉදිරි රජයකදී බොහෝ දේ ලබා දීමට කටයුතු සකස් කර ඇත. එක් පවුලකට සීමාවූ පවුල් රජයක් ගොඩනගනවද කියා තරුණ පිරිස් සිතා බැලිය යුතුය. එදා මෙන් නොව තරුණයා අද බුද්ධිමත් ආකාරයට සිතනු ලැබේ ලෝකය යනු කුමක්ද කියා වටහා ගෙන තිබේ
බොරු දේශප්‍රේමියෝ. පසුගිය ආණ්ඩුව නිසා නිල් බලකාය වගේ රැකියා අවස්ථා ලබා දීලා සමාජ විෂමතාවය ඇති කළා. ඌරෝ කැකුණ තලනකොට වලිකුකුලන්ට රජමගුල් කිව්වලු. රාජපක්ෂ වන්දි භට්ටයෝටිකක් බිහිකරගත්ත රටක තාක්ෂණය ඉහළ ගියාද කියලා බලන්න? අපි යන්න ඕනේ ඉස්සරහට මිසක් පස්සට නොවන බව තරුණයන්ට පෙන්නන ගත්තු උත්සාහයට ජයවේවා !
අසව් අසව්.......තවත් දින 100 කතාවක්.
ඡන්දෙ කාලෙට දෙන පොරොන්දු... ඒ වගේම ප්‍රතිපත්ති ප්‍රකාශන දිහා බලද්දී අපේ මව්බිමේ සෞභාග්‍ය කොහෙන් අවසන් වෙයිද කියලයි බය...