IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ගෙන් පිරෙයි

ජේසුස් වහන්සේගේ උපත සැමරීම වෙනුවෙන්, එසේත් නැතිනම් නත්තල සැමරීම සඳහා ලොව නන්දෙසින් සංචාරකයෝ බෙත්ලෙහෙමට පැමිණ සිටිති. 

බෙත්ලෙහෙම යනු ජේසුස් වහන්සේ උපත ලැබූ බව කියන නගරයයි. 

පලස්තීනයේ බෙත්ලෙහෙමේ පිහිටි ‘මේන්ජර් චත්‍රරශ්‍රය’ පිහිටි පෙදෙසේ මීටර 16ක් (අඩි 52ක) උසැති නත්තල් ගසක් ද ඉදිකර ඇත. 

බෙත්ලෙහෙම පලස්තීනයට අයත් නරගයක් වුවත් එය ඊශ්‍රායල ග්‍රහණයට නතුව තිබෙන අතර බටහිර ඉවුරේ පිහිටි මෙම නගරයට වසර ගණනාවකට පසු කාර්යබහුල නත්තලක් උදා වී තිබේ. හෝටල් කාමර සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇති අතර ආරක්ෂක තත්ත්වය ද සන්සුන් ස්වභාවයක් ගෙන ඇත. 

ජේසුස් වහන්සේ ඉපැදුණු බව කියන ස්ථානයේ ඉදි කර ඇති පල්ලියේ දේව මෙහෙයන් සිදුවන බොහෝ පිරිසක් ඊට සම්බන්ධව සිටිති.

“මේ ස්ථානය හරි අපූරුයි. මම සැබෑ නත්තල සමරනවා වගේ දැනෙනවා” යැයි මැලේසියාවෙන් පැමිණි බැතිමතකු වූ ජෝශප් අහ්ලාන් කීය. 

“ජේසුස් වහන්සේගේ උපත සැමරීමට බොහෝ පිරිසක් මෙහි පැමිණ තිබෙනවා. එයින් ජනතාවට මෙහි පැමිණෙන් කොතරම් උනන්දු වනවාද කියා පෙනෙනවා. ඔවුන්ගේ තිබෙන කැමැත්ත ආසාව එයින් පෙනෙනවා” යැයි බල්ගේරියාවෙන් පැමිණි සංචාරයකු වූ මාරියා මෝවා කීවාය. 

‘මේන්ජර් චත්‍රරශ්‍රය’ අවට කැරොල් ගායනා, ගීතිකා, දේව මෙහෙයන් පැවැත්වෙන අතර ලොව නන්දෙසින් පැමිණි බොහෝ පිරිසක් ඊට සම්බන්ධ වී සිටිති. 

(රොයිටර් ඇසුරෙනි)

055

 



අදහස් (0)

බෙත්ලෙහෙම කිතුනු බැතිමතුන්ගෙන් පිරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 320 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2135 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1620 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site