
(රෝෂන් තුෂාර )
ජනතා මුදල් රුපියල් කෝටි 350කට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල "රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්" (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සැකකරුවන් තිදෙනා ලබන 20 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද(13) නියෝග කළාය.
"R3F" පිරමීඩාකාර සමාගමේ මෘදුකාංගය (ඇප් එක) නිර්මාණය කළ ,නාගොල්ලාගම පදිංචි සමාගමේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ මධුසංක අත්තනායක,කුලියාපිටියේ ඩී.පී රෝහිනි ,හා ඩබ්ලිව් එම් නිමල් ශාන්ත සැකකරුවන්ට මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd