
(නිමල කොඩිතුවක්කු)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා සමගි ජනබලවේගයේ සභාපතිධුරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වන බවට දැන්වූ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බාර ගෙන නොමැති බව එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවසීය.
ඉම්තියාස් බාකීර් මාකර් මහතා තවම සමගි ජනබලවේගයේ සභාපතිවරයා යැයිද මහලේකම්වරයා සඳහන් කළේය.
මාකර් මහතා ගෞරවනිය දේශපාලඥයකු බැවින් එතුමා සමගි ජනබලවේගය තුළ සිටිය යුතු බව පක්ෂයේ ස්ථාවරය බවත් සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
සමගි ජන බලවේගයේ සභාපති ධූරයෙන් සහ අනෙකුත් සියලූම තනතුරුවලින් ඉල්ලා අස්වූ බව ඉම්තියාස් බාකීර් මාකර් මහතා පෙරේදා(18) පැවසීය.
COMMENTS
සභාපතිකම නමට විතරක් තිබුණොත් මදෑ...
සුළු දෙයක්නේ. ලංකාවේ මෙච්චර රිලව් වැඩිවෙලා තියෙද්දී, එකෙක්ව පත් කර ගන්නකෝ... අර හොඳ මහත්තයෙක්ගේ ආත්මය අපායට යවන්නේ නැතුව...!
ඉල්ලා අස්වීම භාරගන්න ඕනමයි කියලා නියමයක් කොහෙවත් නැහැ. අස්වැසීම් ලිපිය භාර දුන්නා, ගෙදර ගියා. ඊටපස්සේ බලෙන් එන්න ඇවිල්ල වැඩ භාර දෙන්නද?
ජලනි හරි ෆොන්සේකා හරි දාගත්තා නම් හරිනේ,