අංජුල මහික වීරරත්න
 

 
පසුගිය ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු වලින් බොහොමයක් මේ වන විට ඉටුකර තිබෙන බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විධායක ජනාධිපති ධූරය අහෝසි කිරිමට සහ වාර්ෂික ගැටලුව සඳහා දේශපාලන විසඳුමක් ලබාදීමට වූ පොරොන්දු ඉටු කිරිම වෙනුවෙන් බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ජනතා වරම අපේක්ෂා කරන බව ද ප්‍රකාශ කළේය.
 
පසුගිය වසර කිහිපය තුළදී ඒකාබද්ධතාව හා ශ්‍රී ලාංකික අනන්‍යතාවය ඇති කිරිමට හැකි වූ බව පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා ඉදිරි වසර 5 ක කාලය තුළදී එය තවදුරටත් කිරිමට පියවර ගන්නා බවද කීය.
 
අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (10) අරලියගහ මන්දිරයේ පැවති භාෂා පුහුණුකරුවන් දිශාභිමුඛගත කිරිමේ වැඩසටහන යටතේ දීප ව්‍යාප්තව සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි භාෂා ඉගැන්වීමේ කාර්ය සඳහා සුදුසුකම් සැපිරූ පුද්ගලයන් වෙත පුහුණව සඳහා කැඳවීම් ලිපි ප්‍රදානය කිරිමේ උත්සවය එක් වෙමිනි.

ඡායාරූප - ශාන්ත රත්නායක