
(විමුක්ති එස් රුද්‍රිගු)
මීට දශකයකට පමණ පෙර ඕස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලංකාවේ විනුල් කරුණාරත්න මේ වනවිට මිලියනපතියකු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
කිසිම දේපළක් නොමැතිව ඔස්ට්‍රේලියාවට පැමිණි විනුල් වසර 5 ක් තුළ ඔහු නිරතවූ අර්ධ කාලීන රැකියාවෙන් ඩොලර් මිලියන 1.2 ක මුදලක් උපයා ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය ප්‍රකාශ කළේය.
විනුල් කරුණාරත්න මේ වනවිට 25 හැවිරිදි වියේ පසුවන බවත් සෙවන් ඉලෙවන් සුපිරිවෙළඳසැල් ජාලයේ රාත්‍රී වැඩ මුරයේ සේවය කරන අතරතුර 2019 වසරේ සිට අර්ධ කාලීනව පිරිසිඳු කිරීමේ රැකියාවක නිරත වී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
ඕස්ට්‍රේලියාවේ සේවා සපයන වෙබ් අඩවියක් වන එයාර් ටාස්කර් වෙබ් අඩවිය ඔස්සේ පිරිසිදු කිරීමේ රැකියාවේ නිරත වී ඇති බවත් මේ වනවිට එම වෙබ් අඩවියේ ඉහළම අදායම් උපයන 10 දෙනා අතරට පැමිණීමට ඔහුට හැකියාව ලැබී තිබෙන බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.
ඔහු කාර්යාල සහ නිවාස පිරිසිඳු කර දවසට ඩොලර් 1000 - 1400 ත් අතර මුදලක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 2 ක් පමණ) උපයන බවත් ශ්‍රී ලංකාවේ සිටින දෙමාපියන්ට සුඛෝපභෝගී නිවසක්ද ඔහුගේ මිලදී ගැනීමට සිහින මැවූ මෝටර් රථයද මේ වනවිට මිලදී ගැනීමට විනුල්ට හැකියාව ලැබී ඇති බවත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කළේය.
වැකුම් ක්ලීනර්යක් සහ බකට්ටුවක් අතැතිව තම රැකියාව ඇරඹි විනුල් අද වනවිට ඕස්ට්‍රේලියාවේ ගෙයක් මිලදී ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් උපයා තිබෙන බවද ඕස්ට්‍රේලියානු මාධ්‍ය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්ලීනිං ජොබ් කරලා කෝටිපතියන් වුණු වැඩිම පොහොසතුන් ඉන්නේ ඉතාලියේ… සමහරු ලංකාවට ඇවිල්ලා ගෙදර යන්නේ හෙලිකොප්ටරෙන්…
මේ කතාවෙ පරස්පරයක් තියෙනවා, ඔසීවල ක්ලීනින් කරනකොට, පැයකට ගෙවන්නේ ඔසී ඩොලර් 25-30ක් අතර මුදලක්. එතකොට පැය 24ම වැඩ කළත් හොයන්න පුළුවන් වෙන්නෙ 30x24= 720ක්, ඒකෙනුත් ආණ්ඩුවට ලොකු ටැක්ස් එකක් ගෙවන්න වෙනවා. ඒ නිසා දවසට 1000-1400ක් කතාව වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට හිතෙන්නේ, මෙයා ක්ලීනින් කම්පැනි එකක් රෙජිස්ටර් කරලා, ඒකෙන් කන්ට්‍රෑක්ට්ස් අරගෙන, ඔය ස්ටුඩන්ට්ස් වීසා තියෙන අයව දාලා අඩු මුදලක් ගෙවලා, වැඩි ලාභයක් ගන්න ඇති. ඔය විදියේ ලංකාවේ, ඉන්දියාවේ අය ගොඩාක් ඉන්නවා, ස්ටුඩ්න්ට්ස්ලා සූරන්කන අය, සමහරුන්ට සල්ලි ගෙවන්නෙත් නෑ...!
ඕස්ට්‍රේලියාවට යන හැමෝටම ඔහොම ලොතරැයි ඇදෙනවාද?
වීර්යවන්ත බව දක්වන බොහොම අගේ ඇති ප්‍රවෘත්තියක්. තව තවත් භවභෝග සම්පත් ලබන්නත් යහපත් ක්‍රියාවන්හි යෙදෙන්නත් වාසනාවත් වීර්යයත් ඇති වේවා!
දැන් හැම කෙනාම බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න හදයි... සක්‍රයා..
ලංකාවේ හිටියා නම් නම් ඔය වගේ රැකියාවක් කරන්න හිතන්නේවත් නෑ නේද? සල්ලි ලැබෙනවා නම් රස්සාව සුදු කරපටි ද නැද්ද අදාළ නෑ. ලංකාවේදි ලොකු සීන් එක දාගෙන වංසෙ කබල් ගාගෙන හිටපු අය මේ වගේ රටවල්වලට ආවාම ඔලුව නමා ගෙන දාඩිය පෙරාගෙන වැඩ. ඒ තරුණයා ගැන සතුටුයි. ඔහුට ජයවේවා...!
රට රටවල් ගිහින් කුළී වැඩ කරන එක මහ ලොකු දෙයක් කියලා පුම්බලා තියන්න අවශ්‍ය නෑ. රටට සත පහක වැඩක් නෑ මොවුන්ගෙන්...
අහුවෙන්න එපා ඕවා පට්ට බොරු .හෙන චීප් කම්කරු මාෆියාවක් මෙල්බන් වල තියනවා කියලා මිනිස්සු කියන්නේ .ඕවට රැවටෙන මෝඩයෝ දැන් නැහැ .ඉන්දියා වල ජොබ් වලට ෆෝම් කරන ඉන්දියන් බොරු
මේවා මේ බොරුවට උඩ අරින කතා. ඔය ජොබ් කරන්න එහෙ කවුරුවත් කැමැති නැහැ. පඩි අඩුයි. ඉතින් එහෙම කියලා විදේශිකයින්ව අන්දලා මේ ජොබ්වලට එකතු කරගන්න හදන්නේ.
මේක පට්ටපල් බොරුවක්, මේ කියන විදිහට ඕස්ට්‍රේලියාවේ පිරිසිදු කිරීමේ සේවකයෙකුට පැයකට ඩොලර් 100 කට වැඩියෙන් ලැබෙනවා , එහෙම නම් හැමෝම යාවිනේ පිරිසිදු කරන්න, පිරිසිදු කරන්න පැයකට ඩොලර් 100ක් ගෙවනවා නම් මමත් යනවා එහෙ මට පුළුවන් ඕස්ට්‍රේලියාවේ නීත්‍යානුකූලව වසරක් වැඩ කරන්න...!