
(මනෝප්‍රිය ගුණසේකර)
යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කළ යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද නොතීසි නිකුත් කළේය.
2000 වසරේ සිදුවු මහත් ආන්දෝලනයකට තුඩු දුන් මෙම අපරාධයට අදාළව සිරදඬුවම් විඳිමින් සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක නමැත්තාට ජනාධිපති සමාව දී නිදහස් කිරීම අභියෝගයට ලක් කරමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳ වූ අවස්ථාවේදී එලෙස නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ සහ අචල වෙන්ගප්පූලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවීය.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක සහ නීතීපතිවරයා ඇතුලු පිරිසක් නම් කර ඇත.
COMMENTS
අපේ රටේ විතරයි මේ වගේ... අමන වැඩ කරන්නේ.. මේ වගේ අයට ජනාධිපති කියන නාමේත් අපරාධයක්. කිසිම දැනුමක් නැති අය ජනතාව පත්කර ගන්නවා... ඊට පස්සේ කරන්නේ රට දියුණු කරන්නේ නැහැ. සේරම තමන්ගේ හොර කුඩු සල්ලාල, මිනීමරුවන් නිදහස් කරනවා. අධිකරණය තමන්ගේ අතට ගන්නේ මෝඩ චණ්ඩිකම් පෙන්වන්න. ඊට පස්සෙ පවුලේ අයට රටේ ආයතන, දේපල සම්පත් ටික බෙදලා දෙනවා. මේ කාටවත් ඉගෙනීමක් නැහැ. ඒකන්නේ ඒ වගේ වැඩ කරන්නේ... ඊට පස්සේ පටන් ගන්නවා පාතාලය ලන්කරගන උගත්, බුද්ධිමත් කට්ටියව මරලා පලි ගන්න. අන්තිමට රටට කරපු දෙයක් නැහැ... රටේ මුදල් වලින් පවුල් පිටින් රට සවාරි යනවා. මොවුන්ට විතරක් අයිති විදියට... අන්තිමට පැදුරටත් නොකියා බලය අතහැරලා, උඩු ගුවනේ පාවෙන්න ගත්තා... දෙවියන්ගේ හාල් කැවිලා වගේ කරපු දූෂිත වැඩවලට... මුලු ලෝකේම හිනස්සලා දැන් කරපු මෝඩ වැඩවලට උත්තර බඳින්න එන්නලු.
මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !!
ජාතිභේදය අවුස්සලා බලයට ආපු ගෝඨාභයට මෙහෙම වෙලා මදි...
මට පුදුම පරම සත්‍යය පලකරත් ඒකට එරෙහිව කමෙන්ට් කරන ගව සම්පතක් ඉන්න එකයි...
ගෝටා සිටිය යුත්තේ හිරගෙදර, නැතිනම් පිස්සන් කොටුවේ !!! සමහරවිට ළඟදීම....
තව පෙත්සමක් රතුපස්වල උද්ඝෝෂණ වලට වෙඩිතියල අහිංසක දරුවන් මරාදැමූ නීචයින්ට එරෙහිව එන්න ඕන....
මේ වගේ හරකුන්ට කියවන්න අදහස් දක්වන එකේ තේරුමක් නැති නිසා එයින් වැළකී ඉන්නවා...
මිනිමැරුවන්ට පට්ට දූෂිතයන්ට හොර බොරු කරන වංචාකාරයන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන්නම්, රටට නීතියක් අවශ්‍ය නැහැ , අධිකරණයක් අවශ්‍ය නෑහැ....නීතිය ඒකාධිපතියෙක්.