
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බීමතින් රජයේ පාසැලකට ඇතුල්වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන (5) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව මල්ලාවි පොලිසිය පවසයි.
මෙසේ රිමාන්ඩ්භාරයට පත්ව ඇත්තේ මල්ලාවි පොලිසියට අනුයුක්තව රාජකාරී කළ 43 හැවිරිදි කෝපායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙම කොස්තාපල්වරයා බීමතින් මල්ලාවි ප්‍රදේශයේ රජයේ පාසලක පැවැති ක්‍රීඩා උත්සවයක නිවාස සැරසීම් කටයුතුවලට සහභාගිවී තිබූ අතර ඔහු පාසලේ සිටි සිසුවියන් කීපදෙනෙකුට කරදර කර තිබූ බව පොලිසිය පවසයි.
බීමත් පුද්ගලයකු සිසුවියන්ට කරදර කරන බවට ලද තොරතුරකට අනුව මල්ලාවි පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී එහි සිටි පිරිසක් එම කොස්තාපල්වරයාට විරෝධය දක්වමින් සිට ඇති අතර එහිදී අශෝභන ලෙස හැසිරෙමින් සිටි එම කොස්තාපල්වරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනතුරුව එම කොස්තාපල්වරයා අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමෙන් අනතුරුව බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණි.
ඒ අනුව බීමතින් රාජකාරිය කිරීම, බීමතින් රජයේ පාසලකට ඇතුළු වී සිසුවියන් ඉදිරියේ අශෝභන ලෙස හැසිරීම යන චෝදනා යටතේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මුලතිව් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.යූ.පී. අමරතුංග මහතාගේ උපදෙස් පරිදි මල්ලාවි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඒ.එන්. පතිරාජ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.
2025 දෙසැම්බර් මස 18
441
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1034
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර් පිට පාසලකට ගිය පීසී රිමාන්ඩ්