(සිතුම් චතුරංග)

යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධ්‍යන කටයුතු සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත්කර ඇතුළත්වූ ශිෂ්‍යාවක ඉවත් කළ බව යාපනය විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.

වෛද්‍ය පීඨයට සිසුන් ඇතුළත්කර ගැනීම සඳහා 2025 වසරේ නොවැම්බර් මාසයේ තිබූ සම්මුඛ පරීක්ෂණයටද ශිෂ්‍යාව ඉදිරිපත්වී ඇති අතර ඉන්පසු ඇය වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූවකු ලෙස ඇතුළත්වී ඇති බවද පැවසීය.

මාස දෙකකට ආසන්න කාලයක් ඇය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ දේශනවලට සහ ප්‍රායේගික ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී ඇති අතර එම ශිෂ්‍යාව වෛද්‍ය පීඨ සිසුවියන්ගේ නේවාසිකාගාරයටද ලියාපදිංචි වී එහි සිට ඇති බවත් සඳහන් කළේය.

එලෙස ඉවත්කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි ශිෂ්‍යාවක වන අතර ඇයට උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යාව සඳහා සාමාන්‍ය සාමාර්ථයන් පමණක් තිබී ඇති අතර ඉසෙඩ් ස්කෝර් අගය ද අවම මට්ටමක පැවති ඇති බවත් කීය.