
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් වාර ප්‍රවේශ පත් මිලදී ගත් පාසැල් දු දරුවන්, කාර්මික විද්‍යාල, විශ්ව විද්‍යාල හා වැඩිහිටි පුද්ගලයින් ශ්‍රි ලංගම බස්රථ වල ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යම්කිසි බස් සේවක කණ්ඩායමක් විසින් මෙම වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් රැගෙන යාම ප්‍රතික්ෂේප කලහොත් මණ්ඩලීය පිලිවෙත් අනුව දැඩි වරදක් බවද සියළු ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම බස් රථ වල ප්‍රවාහනය කළ යුතු බවට ඔවුන් දැනුවත් කර ඇති අතර යම් කිසි බස් සේවක කණ්ඩාමක් ප්‍රවේශ පත්‍ර ලාභීන් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සම්බන්ධයෙන් දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කර ඇතැයි ගමනාගමන මණ්ඩලය කියයි.
මේ සම්බන්ධයෙන් යම් අපහසුතාවයකට පත්වන වාර ප්‍රවේශ පත්‍ර ලාභීන් ශ්‍රී ලංගම තොරතුරු කේන්ද්‍රය වෙත1958 දුරකථන මාර්ගය මඟින් දැනුවත් කරන ලෙස දන්වන බවද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වැඩිදුරටත් කියයි.
COMMENTS
වැඩ වරදින්නේ සිසුවාටය. ඒ පාඩම් කිපයක් මගහැරෙන නිසාවෙනි. ජනපතිවරණයට පෙර මාලිමාවේ ප්‍රකාශවලට අනුව නම් මේ වන විට මෙවැනි ප්‍රශ්න නැත.....
හොඳ වැඩක් හැබැයි දුරගමන් බස් රථ සඳහා මේක වංගු වෙන්නේ නැ කියලා දැම්මා නම් හරි ... මොකද උදේට ඔය බස් හැමතැනම නවත්වන්න ගියොත් දුර ගමනාන්ත වලට යන මගීන්ට අසාධාරණයක් වෙන නිසා
සිසු සැරියට කොහොමද ? පාසල් ප්‍රවාහනය සහ කාර්යාල ප්‍රවාහනය විධිමත් ආකාරයට සකස් කළ යුතුයි , සීසන් අරගෙන අවේලාවේ කාර්යාල වලට පැමිණීම වලක්වා සීසන් ඇති අයට කාලසටහනක් උදෑසන කාලයට ඇති කල යුතුයි , එවිට පාසල් ලමුන් සහ, කාර්යාල සේවකයන් වෙලාවට පැමිනීම සිදු කරයි, එකී වෙලාවෙන් පසු සීසන් වලංගු නැත.