IMG-LOGO

සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩියට නොපැමිණෙයි

(ඩයනා උදයංගනී)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට පිළිතුරු ලබාදීමට  සුදානම් වී පැමිණීම සඳහා සතියක කාලයක් ඉල්ලමින් සිරිල් ගාමිණී පියතුමන් එම දෙපාර්තමේන්තුවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (28) කැඳවා තිබූ සිරිල් ගාමිණී පියතුමා එහි නොපැමිණි අතර ඒ වෙනුවට වෙනත් පියතුමන්ලා තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ඉල්ලීම සහිත ලිපියක් ඒ වෙත භාරදුන්‍හ.

ශාන්ත කුමාර් වැලිවිට, රවීන් සඳසිරි සහ ශ්‍රීනාත් මනෝජ් යන පියතුමන්ලා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ඉල්ලීම  භාරදීමට කටයුතු කළහ.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම ඉල්ලීම පිළිගත් බව ඉන් පිටතට පැමිණි පියතුමන්ලා පැවසූහ. 

 රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා කලැ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙසට ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන්ට දැනුම් දී තිබිණි.

(ඡායාරූප: ශාන්ත රත්නායක)



අදහස් (10)

සිරිල් ගාමිණී පියතුමන් සී.අයි.ඩියට නොපැමිණෙයි

යෝගා Thursday, 28 October 2021 01:46 PM

තමුන් ප්‍රකාශ කලේ හොඳින්ම දැනගෙන නම් එය නැවත ප්‍රකාශ කරන්න සතියක්ම සූදානම් වෙන්න ඕනෙද ?

:       23       162

Alfread de CostaThursday, 28 October 2021 04:12 PM

සාක්ෂි නැතුව කතාවක් ගෙතුවාම මෙහෙම වෙනවා... අගරදගුරුතුමාවත් නොමග යවලා දේශපාලනගේමක් ලෑස්ති කරේ මේ කල්ලිය තමයි. අන්තිමට අර මැරිච්ච මිනිස්සුන්ට යුක්තිය ඉ‍ටු වෙන්නේ නෑ. ජේසුස් වහන්සේම මේ අවනඩුව බලා ගනිත්වා... !

:       11       57

බද්රානි Thursday, 28 October 2021 02:13 PM

බෝම්බ කාරයෝ,මේ දඟලන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාව විත්තිකාරයෙක් කරන්න වගෙයි? බලමු මොකද වෙන්නේ කියලා? ආගම පැත්තකින් තියලා හෝ ආගම් අතහැරලා දාලා සත්‍යය වෙනුවෙන් පියතුමා සමග එතුමා වෙනුවෙන් සිටගන්නවා. බහුතරයක් උන පලියට මේ මිලේච්ජයෝ හිතාගෙන ඇති සත්‍යය වලලන්න. පාස්කු ප්‍රහාරයට කලින් හා ප්‍රහාරයට පසුව රටේ පවතී වාතාවරණය ගැන නිරීක්ෂණය කලොත් හොඳට වැටහෙනවා මේ ප්‍රහාරයේ මහමොලකරුවන් පිලිබදව. පාලකයින් පෝෂණය කල, අන්තවාදී ත්‍රස්ත කල්ලි නායකයින් දැන් තනතුරු වලිනුත් පිදුම් ලබනවා. සත්‍යය වලලන්න කලින් මේ තුප්පහි බෝම්බ මහමොලකරුවන් වැළලෙන එක වලක්වන්න කාටවත් බැහැ. එහෙම නැත්නම් ඉතින්, මේ ලෝකේ තියන සියලුම ආගම ධර්මයන් බොරු? අර කතාවක් තියනවනේ "කකුළුවා නටන්නේ හැලිය රත්වෙන කල් විතරයි" කියලා??

:       148       51

JudeThursday, 28 October 2021 04:15 PM

පාදිලිවරු පැත්තකින් තියලා සත්‍යය සහ ජේසුතුමන් සමඟ සිටගන්න. අපට පෙනෙන විදියට එතුමන්ලාත් මුලාවෙලා. සත්‍යය වෙනුවෙන් යාඥා කරන්න...

:       11       75

බද්රානිThursday, 28 October 2021 06:38 PM

UDE ඔබගේ නැණ පමණ අනුව ඔබ, අනෙක් අයවත් විනිශ්චය කරන කෙනෙක් බව තමයි මට නම් වැටහෙන්නේ? පූජකයින් හෝ ඔවුන් පළඳින ඇඳුම හෝ ඔවුන්ගේ ආගම, ධර්මය මට නම් වැදගත් නැහැ. මම ඔවුන්ව සරණ යන්නෙත් නැහැ. කවුරු කොහොම කීවත් පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහා මොළකරුවන් ගැන මේ රටේ බුද්ධිමත්, ප්‍රඥාවන්ත ජනතාවට අවබෝධ වී හමාරයි. එ්ත්, කරන්න දෙයක් නැහැ. බලය වෙනුවෙන් සිදුකළ ඒ සාහසික ප්‍රහාරයේ ප්‍රතිඵලය වන "බලය" ඔවුන් අතට පත්වී ඇති නිසා කාගෙන්ද අපි යුක්තිය ඉල්ලන්නේ? ඔබත් ඔය ආවඩන්නේ බෝම්බ මහා මොළකරුවන් වෙනුවෙන් බව පැහැදිලියි. අනුන්ට කල දේ තමන්ට ඵලදෙනවාමයි. එ්ක ලංකාවේ සුනඛයින් උඩු බිරුවා කියලා නවත්වන්න බැහැ හොඳේ? සමහර කටු සුප්පන හුරතල් සුනඛයින්ට නොතේරෙන්නෙත් ඒකමයි....

:       63       8

Suren de SilvaThursday, 28 October 2021 11:28 PM

ඒ කාලේ බලය ගන්න අමුතුවෙන් බෝම්බ ගහන්න උවමනාවක් තිබුනේ නෑනේ. ඔයාට මතකද බද්‍රානි, 2018 පලාත් පාලන ඡන්ද ප්‍රතිඵලේ, එජාපේ 29%, මහින්ද සහ මෛත්‍රීපාල 52%. එච්චර හොඳට කරල තිබුනේ යහපාලනේ. බුද්ධියක් තියෙන මිනිස්සු පොඩ්ඩක් හිතනවා. කතාව කියන ලෙසටම පිලිගන්නෙ නෑ. එහෙම හොඳටම පේන ජයක් තියෙද්දි මොන මගුලටද බෝම්බ ගහන්නෙ.

:       0       0

madawal Thursday, 28 October 2021 03:14 PM

මේක තමයි සමහර අය හිටි හැටියේ මාධ්‍ය අවධානයට ලක් වෙන්නේ, ඒ කෙනාගේ ප්‍රතිරූපයට කරන හානිය ගැන නොසිතා නම් විතරක් කියනවා

:       7       76

WCA Thursday, 28 October 2021 04:36 PM

කට මැද දොඩවන අය වැඩියි මීඩියා එකට ඇවිල්ලා. ගොඩක් පරිස්සමෙන් නිව්ස් අහන්න ඕනේ...

:       0       36

Loganathan Thursday, 28 October 2021 11:40 PM

අපිත් ඒ කාලේ ටීචර්ට බොරු කිව්වම ඊලඟ දවසේ ඉස්කෝලෙ ගියේ නෑ.

:       0       0

Lelwala Friday, 29 October 2021 06:36 AM

වසර 30ක් මේ රටේ සැම තැනම බෝම්බ පිපිරුණා. ලක්ෂ සංඛ්‍යාවක් මිනිස්සු මැරුණා. පියතුමාලා ඒ කාලයේ කොහේද හිටියේ? තමන් දන්න දෙයක් ඇත්නම් සාක්කි ඇත්නම් ඒ බව ආරකෂක අංශ දැනුවත් කරන්න. දේව කන්නලව්වක් යවලා වැරදිකාරයින් සොයා දෙන්න බැරිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 106 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 154 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1042 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site