
(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු හා රියදුරු සහායකයන් නොමැතිවීම හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අද දිනයේදී අවලංගු වුවද අද රාත්‍රී ධාවනය වීමට නියමිත සියලු තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල , බදුල්ල - කොටුව , මඩකලපුව - කොටුව, කොටුව - මඩකලපුව , කොටුව - ත්‍රීකුණාමලය, ත්‍රීකුණාමලය - කොටුව හා කොටුව - ගාල්ල, ගාල්ල - කොටුව යන රාත්‍රි තැපැල් දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd