(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

විදේශගතව සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කුන්ෆු රුවන් නැමැත්තාගෙන් ලබාගත් ලක්ෂ 15 ක මත්ද්‍රව්‍යවලට මුදල් නොදී මගහැරි තරුණයා ලක්ෂ 08 කොන්ත්‍රාත්තුවක් ලබාදී වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි හෝමාගම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන්කරයි.

නවගමුව කොරතොට සමනල උයන පාරේදී ඉකුත් 16 වෙනිදින සිදුවූ එම ඝාතනය සම්බන්ධයෙන් යතුරුපැදිය පැදවූ පුද්ගලයා සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනාගෙන් අයකු විදේශගතව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන කුන්ෆු රුවන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් අය කැමි ලෙස කටයුතු කරන්නා බවත් ඔහු සමීප ඥාතියකු බවත් පොලිසිය කියයි.

එම ඝාතනයට යොදා ගත් යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත