
(අංජුල මහික වීරරත්න)
සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය.
ලංකාවේ දැරියන් සහ තරුණියන් සවිබල ගැන්වීමේ ප්‍රමුඛතම ස්වේච්ඡා සංවිධානයක් වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ "ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙවර සම්මාන ප්රදානෝත්සවයේදී දැරියන්ගේ විනය, ඔරොත්තු දීමේ හැකියාව, අඛණ්ඩතාව සහ අනුන්ට සේවය කිරීමේ කැපවීම අගයමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මාන 338ක් සහ අගමැති බාලදක්ෂිකා සම්මාන 12ක් බැගින් සමස්ත සම්මාන 350ක් ප්රදානය කෙරිණි.
"බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඇති ප්‍රධානතම ශක්තියක් වන්නේ පසුබිම හෝ හැකියාව කුමක් වුවත් සෑම දරුවෙකුටම එක හා සමානව අවස්ථා ලබා දීමයි. ඒවගේම , තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව කටයුතු කිරීම, සහකම්පනයෙන් යුතුව සවන්දීම සහ අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමත් සැබෑ නායකයෙක් ගේ ලක්ෂණයක් යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd