
ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්තවීමට ඉඩ ඇති 'එම් පොක්ස්' හෙවත් වඳුරු උණ වයිරස ආසාදිතයකු ස්වීඩනයෙන් හමුවුණු බව පැවැසෙයි. ස්වීඩනය යුරෝපා රාජ්‍යයකි.
'එම් පොක්ස්' වයිරසය මේ වනවිට දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින්නේ අප්‍රිකා රටවලිනි. 'එම් පොක්ස්' නිජ බිම ලෙස සැලකෙන්නේ ද අප්‍රිකා කලාපයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති ආකාරයට මේවනවිට අප්‍රිකා රටවල බහුලව පැතිර යන්නේත්, ගෝලීය තර්ජනයක් පෙන්නුම් කර ඇත්තේත්, 'එම් පොක්ස්' වයිරසයේ නව ප්‍රභේදයකි. ඒ අනුව, ලෝක සෞඛ්‍ය සංවිධානය වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ද ප්‍රකාශ කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd