(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපතිවරයාගේ මෙම ආඥාව පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය.
හතළිස් වැනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම ආඥාව නිකුත් කරනු ලැබ ඇත.
COMMENTS
ගෝඨත් ඉස්සර ඔහොම කළා. ඔයත් මාලදිවයිනට යන්න ටිකට් එහෙම ලෑස්ති කරගෙනද ඉන්නේ...?
හිටපු එක්කෙනත් ඔය විදිහටම තමයි හැසිරුණේ... එයාගියේ පඳුරටත් නොකියා..
කන්න නැතිව පාසල් ළමුන් කලෙන්තේ දමා ඇද වැටෙනවා... සමහර ළමුන් පාසල් එන්නේත් නැතිලු. රටේ බොහෝ පිරිස් ඉන්නේ කුසගින්නේ. ඒත්, ඒවාට වගකිව යුතු සැමට නිසිලෙස නීතිය ක්‍රියාත්මක වන්නේ නැහැ. කුසගින්නට හා රට විනාශකළ අයට එරෙහිව සිදුවන සාමකාමී උද්ඝෝෂණ වලට වැට බැඳෙන සේ හමුදා බලය සහ පොලීසියේ බලය යොදවන්නට එපා. දැන් මේ රටේ ඉන්න මිනිසුන්ට උලේ හිටියත් එකයි... පිලේ හිටියත් එකයි. ඒ නිසා රටේ ජනතාවගේ කුසගින්න හා දැරිය නොහැකි ජීවන ගැටළු හමුවේ ඊට එරෙහිව හමුදා හා පොලිස් බලය යෙදවීම සිදුවේ නම්, එය රටක සිද්ධ නොවිය යුතු දෙයකි. එය එසේ සිදුවන්නේ නම්,එහි ප්‍රතිඵල බිහිසුණු මුහුණුවරක් ගැනීමට පුළුවනි.
සංචාරක ව්‍යාපාරයට මේක ලොකු අර්ථ දීමක්... හරීන් කියනවා ලංකාව ආරක්ෂිතයි කියලා ජනාධිපති ත්‍රිවිධ හමුදාව ගේනවා රටේ ආරක්ෂාව සඳහා කියලා.
එහෙම නම් මෙච්චරකල් ආඥාවක් නැතුවද හමුදාව යෙදව්වේ? එදා ගෝඨාභය රටින් යනකොට සන්නද්ධ හමුදාවටත් බැරි වුණා... මහජන කැලඹීම පාලනය කරන්න. මර්දනවලින් නැත්තටම නැති වෙනවා මිස, රට ඉදිරියට ගමන් කරන්න බැහැ.
ජනතාව පාරට බැහැලා තියෙන්නේ ජීවන වියදම් බර උහුලන්න බැරි නිසා. පීඩනය දරාගන්න බැරි නිසා... එහෙව් එකේ සන්නද්ධ හමුදා රටපුරාම කැඳවලා මොන විනාශයක් කරන්න හිතාගෙන ඉන්නවාද දන්නේ නැහැ...
කන්න නැතිව මංමාවත්වල මියයන මේ වෙලාවේ ‘‘අධිරාජ්‍යවාදියෙක්‘‘ වෙන්න දඟලන්නේ? හොඳයි බලමු..!
මහජනයාගේ ආරක්ෂාව හොඳටම රටේ තියෙනවා.. මේ ඔහේලා වගේ හොරුන්ගෙ ආරක්ෂාවට දාන නීති, ඔහේගෙ කාලෙත් ඉක්මණටම ගෙවිලා යයි...
අයියෝ සල්ලි. මෙයාටත් අර පරණ එක්කෙනාට තිබුණු ලෙඩේ හැදිලා වගේ...
ඔහෙට හිතිලා තියෙන්නත් හිටපු එක්කෙනා දාපු දේවල්ම දදා ප්‍රශ්නය ටිකක් ඔඩුදුවන කන් සන්තෝස වෙන්නද? අපි එනවා හොඳේ...!
බලේ ඉන්න හදන්නේ හමුදාව දාගෙන. බල තණ්හාව... මහ ලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගැන වීනා ගහනවා. නූතන ‘‘රොබර්ට් මුගාබේ...‘‘ ලංකාවෙන් බිහිවෙලා...
තුවක්කු නැත්නම් ඉතින් මෙයාලාගේ "පාලනේ" ඉවරයි...
රනිල් දැනටම බයවෙලා වගේ.. වැඩිකල් නොගොස් ඔය තුවක්කු ඔබට විරුද්ධවම හැරෙන්න පුළුවන්. ඒක මතක තියා ගන්න.
ආසනෙනුත් පැරදිලා, කිසිම ජනවරමක් නැති, පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන් 134 පිහිටෙන් ඉන්න හදනවා.
බුද්ධි අංශවලින් කියන්න ඇති රටේ ජනතාවගෙන් 99%ක් ඔබතුමා සංග්‍රහ කරන්න හරිම ආසාවෙන් ඉන්නවා. ඒ ගොල්ලන් එකවර කොළඹ ආවොත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා ආරක්ෂක හමුදාව අවශ්‍ය වෙනවා කියලා....
ඝෝඨාභය මහතා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් නිතුත් කලාම කෑගහපු අය දැන් මීක් නැහැ. ජෙප්පෝ බලේයේ හිටියානම් සන්නද්ධ හමුදා කැඳවීම සඳහා ආඥාවක් නිකුත් කරන්නේ නැහැ තුන්ඩු කෑල්ලක් එවනවා. ඊට් පස්සේ කියනවා මිනිය දනිස්සෙන් ඉහලට උස්සන්න එපා කියලා.