
(නිමල කොඩිතුවක්කු)
රට ගොඩනැගීම සඳහා සමගි ජන බලවේගය සමග එක් වන්නැයි රටේ තරුණ පරපුරට ආරාධනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී අද (14) පැවසීය.
හැකියාව දක්ෂතාවය සහිත තරුණ පරපුර සඳහා කොන්දේසි විරහිතව රටේ මෙහෙයවීමේ වගකීම පැවරීමට සමගි ජන බලවේගය සූදානම් බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
සමගි විහිදුම් බලකායේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහෙයි කියමින් වහල් භාවයෙන් යුතු තරුණ පරපුරක් වෙනුවට තරුණ අදහස් සමඟ නව ප්‍රගතිශීලි වැඩසටහනක් සමගි විහිදුම් බලකාය සමගින් ක්‍රියාවට නංවන බවත් ඔහු එහිදී සඳහන් කළේය.
සමගි විහිදුම් බළකායේ වැඩසටහන හා එක් වන්නයි පාට පක්ෂ භේදයකින් තොරව සියලුම තරුණ ප්‍රජාවට ආරාධනා කර සිටින බවත් විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ජනාධිපති වරයා කියන්නේ රටේ දේශපාලන අනාගතය අනාගත්තු අයට දෙන්න එපා අලුත් අලුත් කණ්ඩායමකට දෙන්න කියලා . මේ දිනවල එයාට ධනාත්මක ප්‍රතිචාර ලැබෙමින් පවතින බව පේනවා
තරුණ තරුණියන්ගෙන් පමණක්ම සැදුම්ලත් එකම පක්ෂය.හොරු නෑ,වංචාකාරයෝ නෑ,බොරු නෑ.එකම විශ්වාසය මේ අපේ වෙන්න ජනපති.
අපිට ආරාධනා කරන්න ඉස්සෙල්ලා මහත්තයෝ අර ති. අත්තනායක කියන කෙනා පක්ෂයෙන් පන්නා දමන්න.
ඔය එන්න කිව්වට ඇමැති කෙනෙක්, මන්ත්‍රී කෙනෙක් වෙන්න වෙන්නේ නාකි උන්මනේ...!!!
ෆොන්සේකාට නායකත්වය දෙන්න.
සජබයට එකතු වුනොත් උස නම් සිකියුරිටි, මිටිනම් කම්කරු ජොබ් එකක් ලැබෙයි.
පිස්සු හැදිච්ච තරුණ තරුණියෝ ඉන්නවනම් ඔන්න අවස්ථාවක්,මෙයාගේ පස්සෙන් යන්න....
මතක නැද්ද මීට අවුරුදු 3 කට ඉස්සරත් ඔය කියන විදියට රට ගොඩදාගෙන ගොඩදාගෙන ගියබව...?
තරුණයින්ට ආරාධනා කරන්න ඕන නැහැ. එයාලා සුදුස්සා තෝරා ගන්නවා. නිකං දඟලන්නේ නැතිව ඉන්න.
හිටපු විගණාධිපතිතුමා කියලා තිබුණා ලංකාවේ නායකත්වයට හොරකම් දුෂණය නාස්තිය නැති පවුල් පාලනයක් නැති අවංක මොනයම් කෙනෙක් පත්වුණත් මේ රටේ තියෙන සම්පත් වලින් රට ගොඩ ගැනීම කළ හැකියි කියලා. මේ කතාව රටේ ජනතාව තේරුම් ගත්තොත් මේ හොරුන්ගෙන් රට බේරාගෙන අපිට මේ දරුණු අගාධයෙන් රට බේරගන්න පුළුවන්. ඒ විකල්පයට දැනට හොරකම්, නාස්තිය නැති ජනතා ප්‍රසාදය ඇති කෙනා විපක්ෂ නායකතුමාම පමණයි.
ඒ කාලේ මිය ගිය තරුණයින් ටයර් සෑයෙන්ද එන්න කියන්නේ..?
ගෙවල් වලට ගිහින් සතුටින්ද ඉන්නේ කියලා හොරෙන් එබිල බලන බලකාය හදන්නද? නැත්තම් උසනම් සිකුරිටි, මිටි නම් කම්කරු බලකාය හදන්නද?