(තරිඳු ජයවර්ධන)
කොළඹ ප්‍රධානපෙළේ පිරිමි විද්‍යාලයක සංගීත ගුරුවරියක අපයෝජනය කළැයි චෝදනා ලබා සිටි එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකුට වසරක සිර දඬුවමක් නියම කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
එම විද්‍යාලයේ සංගීත කාමරයක් තුළදී බලහත්කාරයෙන් ගුරුවරිය සිප වැළඳගත්තැයි කියමින් මෙම ගුරුවරයාට එරෙහිව නඩු පවරා තිබිණි.
තමාගේ පැමිණිල්ලට සාධාරණයක් ඉටුනොවූ නිසා ඒ ගැන මාධ්‍යයට අදහස් දැක්වී යැයි මෙම සිද්ධියට භාජනය වූ ගුරුවරියද වැඩ තහනමකට ලක් වූවාය. අනතුරුව ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරූ අතර ඒ අනුව ඇගේ වැඩ තහනම ඉවත් කර ඇය යළි සේවයේ පිහිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
අපයෝජන නඩුව කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ විභාග වූ අතර මීට පෙර හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා මෙම ගුරුවරයා නිදොස් කර නිදහස් කර තිබිණි. ඊට එරෙහිව ගුරුවරිය මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළ අතර මහාධිකරණය මෙම ගුරුවරයා වැරදිකරු කරනු ලැබ ඔහුට දඬුවම් නියම කිරීමට යළි මහේස්ත්‍රාත් අධිකරණයට එවීමට කටයුතු කළේය.
ඒ අනුව අද(21) නඩුව කැඳවූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම ගුරුවරයාගෙන් වන්දි අවශ්‍යදැයි ගුරුවරියගෙන් විමසා සිටියේය. එසේ වන්දි අවශ්‍ය නොවන අතර ඔහුට දඬුවමක් නියම කරන්නැයි ගුරුවරිය ඉල්ලා සිටියාය.
ඒ අනුව ගුරුවරිය අපයෝජනය කිරීමට වැරදිකරු වූ එම විද්‍යාලයේ හිටපු ගුරුවරයකු වන තිළිණ මාලේගොඩ මහතාට වසරක සිර දඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඔහුගේ පෙර වැරදි නොමැති නිසා එම දඬුවම වසර පහකට අත්හිටුවීමට ද නියෝග කළේය. ඊට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ගුරුවරයා කියන අමනුස්සයගේ පින්තුරයක් එක්කම දැම්මොත් නේද හොද..
නිකම්ම අපයෝජනය කරයිද කියලා හිතෙන්නේ මට විතරද?
කලින් නඩුව විබාග කරපු කෙනා අලි හොරෙක් නේ ද ?
අපේ දරුවෝ අකුරක් උගන්වන්න ගුරුවරයෙක් ලඟට යවන්න දෙපාරක් හිතන්න වෙනවා... දරුවන්ගේ ඇස් පාදන ගුරුවරු මිහිපිට ඉන්න දෙවිවරු.. අපේ කාලේ අපේ පාසල් වල අපිට උගන්වපු ගුරුවරු කොච්චර චරිතවත් මිනිස්සුද? එහෙම මිනිස්සුන්ගේ ඇසුර ලබන්න අපි පින් කලා... ඒකට හරියන්න දැන්..
කලින් නඩුව අහල තියෙන්නෙත් එම නමම තියෙන කෙනෙක් නේ නමට සලකන්න ඇති
එක් ගමක පාසලක 5 වසරට සිංහල ගුරුවරිය දරුවන්ට කතා කරන්නෙම සත්තුන්ගේ බල්ලා, ගොනා, එළදෙන,බුරුවා වැනි අසිෂ්ට වචන නිසා දරුවන් පාසල් නොයාමට අකමැත්ත නිසා පුළුවන් අය ටික දෙනෙක් වෙනත් පාසල් වලට මාරු කරගන්නවා කව්රුත් පැමිනිලි නොකරන්නේ ඉගෙනීම නොසලකා හරියි කියන බයට
දුයිශේන්ලා සිටියේ නවකතාවල පමණක් යයි ,අද කාලයේ සිසුන් සහ මව්පියන්ට වැටහේවා. මේ පුද්ගලයාගේ නම ප්‍රසිද්ධ නොකරන්නේ අනේ ඇත්තට තවත් කාට හරි පන්ති කාමරයක් ඇතුලෙදි වග කියන්න අවස්තාවක් දෙන්නද . එහෙම නැති නම් මේ නඩුව අහලා තියෙන්නෙත් දොර ජනෙල් වහගෙනද ?
බලන්න ගුරුවරිය වන්දි එපා කියන්නේ මොනතරම් අනුකම්පා සහිත සහ මානුෂික කෙනෙක්ද
උත්පලා වගේ ගැහැනුත් ලංකාවේ ඉන්නවා කියල හිතෙන්නේ මට විතරද?
ඇත්තෙන්ම උත්පලා මහත්මිය/මෙනෙවියගේ අදහස් පිලිබදව අප අගය කරන්නෙමු. එක අතකින් පමණක අත්පුඩි ගැසීමක් කල නොහැකි බව අප සියල්ලෝම දන්නා කරුණකි. මෙමගින් අප කිසිවිට අදහස් කරන්නේ නැහැ මේ ගුරා නිර්දෝෂී බව. කෙසේ වෙතත් සමාජ විරෝධී කිනම් හෝ කටයුත්තක යෙදුනේ කිනම් පුද්ගලයාද එකාගේ සියලුම විස්තර මෙන්ම ඡායාරුපද ප්‍රසිද්ධ මාධ්‍යය වල පලකිරීමට පවත්නා නීති වෙනස්විය යුතු යන්න අප තරයේ විස්වාස කරන්නෙමු. මක්නිසාදයත් එමගින් යම්කිසි හෝ හොදක් සමාජයට සිදුවන්නේය. අප සැවොම බිය වෙනවා වරදක් උනොත් නම ගම රුපය ප්‍රසිද්ධ වෙනවා අඹු දරුවන්ට, දෙමාපියන්ට සමාජය ඉදිරියේ මහත් ලැජ්ජාවකට පත්වෙනවා යන බිය නිසා වැරදි යම්කිසි තරමට එමගින් අඩුවෙනවා නොවේද ??
බය අපි කාටත් දැනෙන පොදු නියායක්. ඔහොම දේවල් වලට ඉදිරිපත් වෙන දෙමව්පියන්ගේ දරුවන්ගෙන් පලි ගන්නේ. මෑතකදී අවුරුදු 2 හිරේ ගිය ගුරුවරියගේ චරිතය උගත් බුද්ධිමත් විනිශ්චයකාරවරුන් තේරුම් ගත්තා ඒ වෙනකොට පව්ලේම විනාස වෙලා ඉවරයි. මම කියන එම පාසැල තියෙන්නේ මහවිල
කාන්තාව කිව්වා නම් එහෙම කළා කියලා ලෝකෙම පිලිගන්නවා ගුරුවරයාගේ පැත්තට කුවූරුත් නෑ.. ඇත්තට එහෙම දෙයක් නොවී ගුරුවරයාට ලෙඩක් දාන්න බොරුවක් කියන්න පුලුවන්. දැකපු කෙනෙක් වත්. ඔප්පු කරන්න දෙයක් වත් නෑ