(ගයාන් සූරියආරච්චි)
වීසා ගැටලුවට අධිකරණ විසදුමක් ලැබෙන තෙක් දිවයිනට පැමිණි පසු (ඔන් අරයිවල්) වීසා නිකුත් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.
ඒ සදහා ගුවන් තොටුපොළේ වීසා කවුන්ටර් 12 ක් වැඩි කර ඇති බව අලස් පැවසීය.
ඇමතිවරයා මේ බව පැවැසූවේ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකදීය.
ගුවන් යානා කිහිපයක් එකවර පැමිණීමේදී වීසා නිකුත් කරනු ලබන කවුන්ටර්වල පෝලිම් ඇතිවන අතර මෙම තත්ත්වය අවම කරගැනීම සදහා පවතින කවුටර්වලට අමතරව නව කවුන්ටර් 12 ක් ස්ථාපිත කළ බවත් ඇමතිවරයා කීවේය.
වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම මගින් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණය විසින් වාරණය කිරීම හේතුවෙන් විදේශිකයන් දිවයිනට පැමිණීමෙන් පසු දින 30 කට හෝ දින 60 කට වීසා ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා කිවේය.
වී.එෆ්.එස් ග්ලෝබල් සමාගම හරහා විසා නිකුත් කිරීම ක්‍රියාත්මක කළ අවසන් මාසයේදී පමණක් සංචාරකයින් එක්ලක්ෂ අසූ නව දහසක් පැමිණි බවත් එම ක්‍රමවේදය වාරණයවීම ගැන හෝටල් ව්‍යාපාරිකයින් රැසක්ම කනස්සල්ල පළකරන බවත් ඇමතිවරයා කීවේය.
එසේම අධිකරණ නියෝගය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කරන බවද හෙතෙම කීවේය.
COMMENTS
හෝටල් ව්‍යාපාරිකයින් කොහොම වෙතත් කුට්ටිය ගත්තු අය වගේම කුට්ටිය දුන්න අයත් කණස්සල්ල හොඳටම පලකෙරෙනවා ඇති. රටේ මිනිස්සුන්ගෙන් ගසාකනවා මදිවට රටට කීයක් හරි අරන් එන සංචාරකයින්ගෙනුත් ගසා කන එකට තිත වැදිච්ච එකට හරි හිතට අමාරු ඇති. ජාජබ ආණ්ඩුවකින් මේක කරපු අයට දඬුවම් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
ප්‍රශ්නේ තියෙන්නේ අක්‍රමිකතාවන් මිසක් VFS වීසාවල නොවේ.
ඔය VFS හොර විසා මගඩිය කරපු අයට තව මාසෙකින් විතර ගරු අධිකරණයෙන් උපරිම දඬුවම් ලැබේවි. ටිරාන් සුදු කොන්ඩයා, ලැහැස්ති වෙලා ඉන්න හිරේ යන්න... ඔය ඔක්කෝටම කලින් තිබුණු ඔන්ලයින් වීසා ක්‍රමය (ඩයලොග් සමඟ) හොඳම ක්‍රමයයි...
VFS නෙමෙයි තව දවස් 12 යි, ගෙදර යන්න ලැහැස්ති වෙන්න...
දැන් මුන්ට ඕනා තියෙන සිස්ටම් සියල්ල අවුල් කරලා වනසලා යන්න. ඒ ඊළගට බලයට එන ආණ්ඩුවට රට කරගෙන යන්න බැරි වෙන්න. ඒ නිසා මැතිවරණයෙන් පසු තෙල් සහ ගෑස් හිඟයක් ඇතිවීමට ඉඩ තියෙන බවට රාවයක් පවා යනවා.
කිසිම වැඩක් හරියට කරගන්න බැරි මේ වගේ මිනිහෙක්ට රටේ ආරක්ෂාව බාර දුන්න එකම ඇති ගෙදර යවන්න
නීතියට උඩින් ජරාව වැඩ කරනවා. තවත් කෙහෙළිය රඹුක්වැල්ල කෙනෙක්...
මේ යෝදයා අත ගැහුවොත් ඔක්කෝම ඉවරයි. බොහොම පහසුවෙන් කරන්න තිබුණු කොයි දේත් අනලා නාලා ගඳ ගස්සලා විනාසම කරනවා. ඔක්කොටම හේතුව දුෂිත ගනුදෙනු...
වීඑෆ්ස් වලට දෙන්න කලින් අගේට තිබුණ ඔන්ලයින් වීසා සිස්ටම් එක වැරදි විදියට අයින් කලෙත් එයාලම තමයි...
මගොඩි ඩීල් දාන්න තමයි මෙයා දක්ෂ
අන්තිම දවස් කීපය හෝ කොල්ල කන්න පුළුවන් නේද..? ඕවා සේරම ගන්න දිනය ලඟයි