IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


විජයදාසට ආණ්ඩුවෙ පසුපෙළ පුටුවක්

 (සුජිත් හේවාජුලිගේ)

අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ පසු පෙළ ආසනයක් වෙන් කළ බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය අමාත්‍යවරුන් අසුන් ගන්නා ආසනවලට පසුපසින් හිටපු අමාත්‍යවරුන්ට වෙන්කර ඇති ආසනවලින් එකක් ඔහුට  වෙන් කෙරෙනු ඇත.

කෙසේ වෙතත් ඔහු විපක්ෂයේ අසුනක් වෙන් කරන්නැයි ඉල්ලීමක් කළහොත් ඒ සඳහාද අවශ්‍ය කටයුතු සලසා දීමට පාර්ලිමේන්තු  ප්‍රධානීන් බැඳී සිටින බව දැනගන්නට ඇත.

විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඉදිරි ජනාධිපතිවරණය  සඳහා  ඔහු අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්වීම  හේතුවෙනි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයාට සහාය නොදෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රී කණ්ඩායමට මෙතෙක් විපක්ෂයේ  අසුන් පැනවීමට තීරණයක් ගෙන නැතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ඔවුනටද විපක්ෂයේ අසුන් පනවන්නැයි මන්ත්‍රීවරුන් පිරිසක් අද පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව දැනගන්නට ඇත.



අදහස් (7)

විජයදාසට ආණ්ඩුවෙ පසුපෙළ පුටුවක්

Nimal Monday, 05 August 2024 08:42 PM

ඡන්දේ ඉවර වෙනකල් විතරයිනේ. මෙයා කොහොමත් සියලු ආණ්ඩු ඇමැති. මේ රඟපෑම ශ්‍රිලනිපේ ප්‍රගතිශීලී ඡන්ද ටික අනුරට වැටෙන එක නවත්වන්න...!

:       2       21

chandima Monday, 05 August 2024 08:45 PM

විජේදාසට විතරක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ඉන්න හැමෝටම ඉස්සරහ පක්ෂ දෙකම ගාණක් නෑ. විජේදාස කියලා වෙනසක් නැහැ ඔහොම යමු..

:       1       16

lakvidu Monday, 05 August 2024 09:46 PM

ආසන පනවන්න නෙවෙයි, ඔය සේරම දණ ගස්සල තියන්න ඕන.

:       0       0

Lasanthi Tuesday, 06 August 2024 09:24 AM

ඒ කියන්නෙ ගෝඨාභය වගේම පස්සෙ දොරට කිට්ටුවෙනවා කියලද.ලැජ්ජාවක් නැතිකම මහමුදළි කමටත් වඩා ලොකුයි කියලා කියන්නේ ඕකට වෙන්න ඇති .ජනාධිපතිවරණය මහ මැතිවරණය හා අනෙකුත් මැතිවරණ සදහා තරග වැදීම ප්‍රභූවරයකු වෙන්න හේතුවක් හැටියට සලකන නිසා ඔහොම ඉල්ලනවා ඇති අනවශ්‍ය ආකාරයට ඉල්ලීම නිසා රටේ මුදල් මහා පරිමාණයට නාස්ති වෙනවා මෙනිසා ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාවෙන් 10% ක් වත් නොලැබෙන ඉල්ලීම නිසා මුදල් නාස්තිය සදහා කටයුතු කල කෙනෙකුට ප්‍රභූවරයකු හැටියට සැලකීම හරිද හිතන්නකෝ

:       0       2

Rashmi Tuesday, 06 August 2024 09:54 AM

ඔක්කොම ආටක නාටක ඡන්දෙ ඉවරවෙනකන් විතරයි. ඡන්දෙන් පස්සේ පරණ පුරුදු විදියට බලයට එන ජනාධිපතිටයි, ආණ්ඩුවටයි හේත්තු වේවි.

:       0       1

fairoos Tuesday, 06 August 2024 11:12 AM

කොහොමහරි මේ ඉන්නටිකපාලිමන්ට් එකෙන් නැතිවෙලාම ගියදෙන්

:       0       1

අරවින්ද මොනරවිල Tuesday, 06 August 2024 01:49 PM

පොහොට්ටු ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් රටට ජනතාවට ඇති එල ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා‌ ඊළග මැතිවරණයෙන් ගෙදර යවනතුරු කැමති තැනක හිටපල්ලා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13403 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site