IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද?

(ෂේන් සෙනෙවිරත්න)

මෝටර් රථය සමග වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය කියයි.

ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයට ඉකුත් 27 වැනි දා රාත්‍රී එම මෝටර් රථය පෙරළිණි.

ඒ අවස්ථාවේ මෝටර් රථය ගමන් කළ තිදෙනකු අතරින් දෙදෙනෙක් දිවි බේරා ගත්හ.  එක් තරුණයකු මෝටර් රථය සමග දියේ ගිලුණු අතර පැය 12 පමණ මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර සොයාගත්තේය.

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී ජේ රත්නායක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මියගිය අයගේ මවගේ පැමිණිල්ලට  අනුව කොට්ඨාස අපරාධ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.

එම අනතුරින් මිය ගියේ ගුරුදෙනිය ඉලුක්මෝදර ප්‍රදේශයේ  පදිංචි අමිල ඒකනායක නැමැති 30 හැවිරිදි තරුණයෙකි.

 



අදහස් (4)

වික්ටෝරියා ජලාශයට කාරය පෙරළීම රඟපෑමක්ද?

Siri Friday, 03 December 2021 10:34 AM

මුලින්ම අපි හිතුවා... මේක සංවිධානාත්මක මිනීමැරුමක් කියලා...

:       1       11

JAYATH Friday, 03 December 2021 10:40 AM

මිනිස්සු වාහනයක් ගන්නේ තමන්ට දරාගන්න පුළුවන් මුදලකට... එ්ක වෙනම කතාවක්.. නමුත් "අලුත් වාහනයක් " කියලා මේ ඉන්දියන් ජරාවල් ගත්තාම ඔහොම තමයි. මේ මුදලට පාවිචිචි කරපු[ ජපන් වාහනයක් ගන්න එක ලක්ෂ වාරයක් හොඳයි. මේ වාහනවල තියන එකම දේ ඉන්ධන කාර්යක්ෂමතාවය විතරමයි. ආරක්ෂාව පිළිබඳ ශ්‍රේණිගත කිරීම්වල මේ වාහන තියෙන්නේ බින්දුවේ.. හැබැයි මේවා එලවන සමහර "පොරවල් " හිතාගෙන ඉන්නේ ඔවුන් එළවන්නේ ජගුවර්, බෙන්ස් වගේ ඒවා කියලා !!!

:       9       15

sampath Saturday, 04 December 2021 12:05 AM

මේක සැකයක් මොකක්ද? ගඟට වැටුණාම මැරෙනවා.. එකම දේ අවේලාවේ වීදි සංචාරය සහ පාපමිතුරු ඇසුරින් වැළකීමට සියලු දෙනා උපරිමයෙන් අධිෂ්ඨාන කරගත යුතුයි... මෙවැනි දේ ආදර්ශයට අරන්...

:       1       0

Priyantha Sunday, 05 December 2021 08:58 AM

බේරුණු අය සැකකළ යුතුයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site