
(ගයාන් සූරියආරච්චි සහ සුමිත් පොතුපිටිය)
වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරි පුද්ගලයකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුව වාද්දුව පොලිසියේ කොස්තාපල්වරුන් 4 දෙනකු අත්අඩංගුවට අද (12) ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.
පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදුකළ විමර්ශනවලින් පසුව එම මියගිය පුද්ගලයාට පහරදීමේ චෝදනාව යටතේ සැකකාර කොස්තාපල්වරුන් 4 දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරුන් 4 දෙනා හෙට (13) පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත අත්අඩංගුවට ගත් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාද්දුවේ සිද්ධියට පොලිසියේ 4ක් අත්අඩංගුවට