IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


වරාය අධිකාරියේ පර්යන්ත 2024දී වාර්තාවක් තබයි

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු බහලුම් පර්යන්ත පසුගිය වසර තුළ බහලුම් මිලියන 2.4කට අධික සංඛ්‍යාවක් මෙහෙයවමින් 2023 වසරට සාපේක්‍ෂව සියයට 23 ක වර්ධනයක් ප්‍රදර්ශනය කරන බව එම අධිකාරිය පැවසීය.

එම අධිකාරියට අයත් පර්යන්ත 2023 වසරේ බහලුම් මිලියන 1.9 ක් මෙහෙයවා තිබූ බව ද සඳහන් කරයි.

කොළඹ වරායේ සමස්ත පර්යන්ත 2024 වසරේ බහලුම් මිලියන 7.7 ක් මෙහෙයවමින් උපරිම ධාරිතාවට ළගාවූ බව කියන වරාය අධිකාරිය එය 2023 වසරේ මෙහෙයවූ බහලුම් 6.9 ට සාපේක්‍ෂව සියයට 12.3 ක වර්ධනයක් බව ද සඳහන් කරයි.

කොළඹ වරායේ ජාත්‍යන්තර බහලු පර්යන්ත පසුගිය වසරේ අඩි 20 සම ඒකක බහලුම් මිලියන 3.3ක් සහ දකුණු ආසියානු ගේට්වේ පර්යන්තය අඩි 20 සම ඒකක බහලුම් මිලියන 2 ක් මෙහෙයවා ඇති බව ද ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (4)

වරාය අධිකාරියේ පර්යන්ත 2024දී වාර්තාවක් තබයි

Udeni Thursday, 23 January 2025 03:38 PM

ඔක්කොම වාර්තා පිට වාර්තා. පච පච විදිල්ලෙනුත් ලෝක වාර්තාවක් තියෙනවා.

:       19       7

NimalThursday, 23 January 2025 06:22 PM

කොහොමද අනුර ජනාධිපති සහෝදරයාගේ වැඩ ඇවිත් මාස 4යි. බිලියන ගණනක අදායම්...?

:       5       1

ඩිම්‍‍සිThursday, 23 January 2025 09:29 PM

කසනවද බන්?

:       0       0

සෙනෙවිරත්න Thursday, 23 January 2025 05:01 PM

පච අහලා පදම්වෙච්චි රැවටිච්චි අය තව වසර දහයකටවත් එන්න බැරි නිසා මොනවාම හරි වරදක් නොදැක සතුටුදායක එකටත් අපහාස කරනවා. මේවා තමයි විලාප... අනේ පව්, අර කෝටි පනහේ ගනුදෙනුව බේරාගෙනද කියලා දැනගන්න සතුටුයි.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 161 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site