
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කර ගනිමින් අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් වලට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශක වල ඉහලට ඔසවා තැබීමේ සහ උසස් අධ්‍යාපනික සහයෝගීතාවන් වර්ධනය කිරීමේ අරමුණින්, මෙරට විශ්ව විද්‍යාල හා විදේශීය විශ්ව විද්‍යාල අතර අවබෝධතා /සහයෝගීතා ගිවිසුම් අත්සන් කිරීමට යෝජිතව ඇත. එම අවබෝධතා/සහයෝගීතා ගිවිසුම් විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ සහ සම්පත් නිරීක්ෂණ හා විදේශ දෙපාර්තමේන්තුවේ නිර්දේශ වලට අනුකූලව සකස් කරනු ලැබ තිබේ.
ඒ අනුව අධ්‍යාපන සහ පර්යේෂණ ක්ෂේත්‍රයන්හි අන්‍යෝන්‍ය සහභාගීත්වයන් සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි විශ්වවිද්‍යාලයේ භාරකාර මණ්ඩලය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වෙනුවෙන් ආවරණ අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 04
206
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
381
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ලෝක සරසවි එක්ක අත්වැල් බැඳ ගන්න යයි