IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ලෝක නායකයෝ විලාසිතා දැක්මක....

(විමුක්ති එස්. රුද්‍රිගු)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගත්තේය.

නව අදහස් ක්‍රියාත්මක කිරීමට කිසිම විටකත් බිය නොවන ඊලෝන් මස්ක් "කෘත්‍රිම බුද්ධි විලාසිතා දැක්මකට මේ වේලාවයි" ලෙස පවසමින් ඔහු එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බෙදා හදා ගෙන තිබූ අතර එම වීඩියෝව ලක්ෂ 350 කට වැඩි පිරිසක් නරඹා තිබිණ.

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාර්ක් සකර්බර්ග්, චීන ජනාධිපති ෂි ජින්පින්, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ රුව සහ ඊලෝන් මස්ක් ඔහුගේ රුව ද මෙම විලාසිතා දැක්ම සඳහා යොදාගෙන ඇත.

අනාගතයේදී ඔවුන් ඇඳ පැළඳ සිටි හැකි ඇඳුම් ආයිත්තම් උපකල්පනය කර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණ විලාසිතා දැක්මේ වීඩියෝව නිර්මාණය කර තිබිණි. විනාඩි එකයි තත්පර විසි තුනක් පුරා දිවෙන වීඩියෝවේ ඔවුන් එම ඇදුම් වලින් සැරසී වේදිකාවේ ඇවිද එන අයුරු දැකගත හැකියි.



අදහස් (9)

ලෝක නායකයෝ විලාසිතා දැක්මක....

තරිඳු Tuesday, 23 July 2024 01:41 AM

එන්න ඉදිරියට ඇවිත් හඬ නගන්න මේ ආර්ථික ඝාතකයා, හාදයා ගැන

:       0       4

Chathuri Tuesday, 23 July 2024 04:55 AM

අනේ අපේ අය ලෝක නායකයෝ නෙමේදා. ලෝකේ කාලා වතුර බීපූ කට්ටියනේ අපේ අය ගොඩක් අදින්නෙ චිත්‍ර. මල් වට්ටියයි නියම ලතා. ලා

:       0       1

Lakvidu Tuesday, 23 July 2024 06:58 AM

අපේ එකා නරියට අන්දාවි මගෙ හිතේ!

:       0       4

PATTA hora Tuesday, 23 July 2024 09:28 AM

"සමනලයෙක්" ට අඳින එකා නැතිද ?

:       3       7

රංබොඩ Tuesday, 23 July 2024 09:28 AM

ඔහුට උවමනා වී ඇත්තේ රුසියන් ජනාධිපති වරයාට ගැසීමට වග අන්දවා තිබෙන ගැහැණු ඇඳුමෙන් පැහැදිලියි . බටහිරයන් එහෙමයි.

:       4       8

Perera Tuesday, 23 July 2024 10:32 AM

කෝ අපේ මිස්ටර් බීන් නැහැනේ

:       1       5

BamunuaracchiTuesday, 23 July 2024 03:45 PM

රටවල්වල මහ බැංකු කඩලා සුද්ද කරපු නායකයින්ගේ විලාසිතා දැක්මක් පසුව පවත්වනවාලු...

:       0       0

Saman Tuesday, 23 July 2024 01:35 PM

"මහජනතාවගේ දේපල හොරා කාපු නායකයෝ" විලාසිතා දැක්මකට නං අපේ අය ඉන්නවා

:       0       2

Ruwan De Silva Tuesday, 23 July 2024 04:55 PM

රනිල් උතුමාණන් අමුඩය ඇඳන් ඉන්න පින්තූරය නැත්තේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 41 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 341 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 362 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site