
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රටවල් හතළිහක් සඳහ වසරක කාලයකට නිදහස් ගමන් බලපත්‍ර ලබා දෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්.ඒ අනුව ආගාමික විගාමික පනත සංශෝධනය කර රටවල් 40 කට නිදහස් ගමන් බලපත්‍ර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගත්තා.
මේ ක්‍රමය මාස හයකින් පසු සමාලෝචනය කර තවදුරටත් පවත්වාගෙන යනවාදැයි තීරණය කරන බව අමාත්‍යවරයා කීය.
ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, බහරේන්,බෙලරූස්,බෙල්ජියම, කැනඩාව,චීනය,චෙක් ජනරජය, පින්ලන්තය, ප්‍රංශය,ඉන්දියාව ඉංජිනීසියාව, ප්‍රංශය,ජර්මනිය ,ඉරානය, ඊශ්‍රායලය, ඉතාලිය, කසකස්ථානය, කුවේට්, මැලේසියා, නේපාලය, නෙදර්ලන්තය,නවසීලන්තය,ස්වීඩනය, පකිස්ථානය, නෙදර්ලන්තය, කටාර්, රුසියාව, සෞදි අරාබිය, දකුණු කොරියාව,ස්විට්සර්ලන්තය, තුර්කිය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවල් හතළිහක් සඳහා දින තිහක සංචාරක වීසා නොමිලේ ලබාදීම මෙමගින් සිදුවෙන බව අමාත්‍යවරයා කීය.
"මෙය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්‍රියාත්මක කරන්න අපි අදහස් කරන්නේ නැහැ.ඒ නිසා අප ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත් අනිවාර්ය කර තිබෙනවා.ඒ හරහා වීසා ලබා ගැනීමක් සිදු කරනවා යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්... මෙච්චර කාලයක් බලා හිටියේ ඔය පහසුව එනකන් තමයි.
වසර කිහිපයකට පෙර, ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පතක් ප්‍රංශයෙන් ගෙවා අරගෙන කොළඹ ආවම, උදේ පාන්දර කවුන්ටරයෙන් කවුන්ටරයට විනාඩි 45ක් තිස්සේ ගියපු ඒ අමිහිරි අත්දැකීම මට තවමත් තියෙනවා! ඉමිග්රේෂන් එකේ කම්පියුටර් ලෙඩක් නිසා මගේ නම හරියට ඒකට ඇතුල් වෙලා තිබුණේ නැතිලු!!! දැන් ඒක හදලාද දන්නෙ නැහැ!!!!
දැන් කී පාරක් ඕක කිව්වද? වැඩේ වෙන්නේ නම් නෑ. දාස් 30 කට දෙනවා දෙවෙනි මාසෙට ඩොලර් 100 ක් ගන්නවා. අමු මංකොල්ලයක් වෙන්නේ දවසක්ම රස්තියාදු කරනවා සංචාරකයින්ව. ඒ නිසා ගොඩක් අය වෙන රටවල්වලට යනවා. දෙන වීසා එකක් මාස තුනකට දීලා ගන්න ගානක් එක පාරට ගත්තා නම් ඉවරයි. මිනිස්සු රාස්තියාදු වෙන්නේ නැතුව. ඉමිග්රේෂන් එක හපුටු මූණු බලන්න නොවෙයි සංචාරකයෝ ලංකාවට එන්නේ....
ඒ අයට මෙහේ එන්න වීසා ගෙවන්නේ අන්තිමට බදු ගෙවන ජනතාව . ඒකනේ මේ කරලා තියෙන්නේ
සංචාරකයෝ හැටියට ලංකාවට එන අයගේ අඩුගානෙ Bank statement එකක්වත් බලන්න VISA දෙන්න කලින්, නිකම්ම රට ඇතුලට ගන්ගේ නැතුව. ලංකාව ඇතුලට ආපු කෙනෙක් රටෙන් නියමිත කාලයට පිටවුනාද කියල දැනගන්න ක්‍රමවේදයක් ආගමන විගමන දෙපාර්තමේන්තුවට තියෙනවද?
ඕකෙන් ඉරානය සහ ඊශ්‍රායලය දෙකම ඉවත් කළ යුතුයි.