IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


මාස 6 න් රට දූෂණයෙන් මුදවනවා

(යොහාන් භාසුර)

සියලු දෙනා ප්‍රාර්ථානා කරන දූෂණයෙන් තොර ශ්‍රී ලංකාව බිහිකරගැනීමට අවශ්‍ය බවත් සිය පාලනයක් යටතේ මාස හයක උපරිමයකට යටත්ව මෙරට දූෂණය මුළුමනින්ම මුදාගැනීමට ප්‍රතිඥා දෙන බවත් මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අද (1) පැවසීය.

කොළඹ හයිඩ් පිටියේදී අද (1) පැවැති දහසක් සිවිල් සංවිධාන රැස්වන ‘පිරිපුන් දේශයක්’ සමුළුවේදී දිලිත් ජයවීර මහතා එසේ පැවසීය.

උපායමාර්ගික වැඩපිළිවෙළකින් තොරව ගමේ දුප්පත්ම දුප්පත් සමෘද්ධි ලාභියාගේ ජීවිතයේ වෙනසක් කිරීමට වෙනත් කිසිඳු මගත් නොමැති යැයි පැහැදිළිවම තහවුරු වී ඇති බවත් සම්ප්‍රදායික දේශපාලනය කරමින් අස්වැසුමෙන් ලැබෙන රුපියල් පන්දහස තවත් රුපියල් පන්දහසකින් වැඩි කරනේ යැයි නොකියන බවත් ඒ මහතා කීය.

ජනතාවගේ හිතේ හයියෙන් ඔවුන්ට නැගිටිය හැකි ආකාරය දියා දෙන්න අවශ්‍ය බවත් කුටුම්බයක ආදායම අවම වශයෙන් ලක්‍ෂයක් දක්වා ගෙන යන වැඩපිළිවෙළක් දින වකවානු ඇතිව ජනතාව සමඟ බෙදාගැනීම බලාපොරොත්තු බවත් ජයවීර මහතා පැවසීය.

‘සර්ව ජන බලය’ හැටියට ලබන 8 වැනිදා ‘පිරිපුන් දේශයක්’ සංවිධානයේ අදහස් ද ඇතුළත් උපායමාර්ගය වැඩසටහන ජනතාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ එකුව ලබන 4 වැනිදා මේ රටට ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා සඳහන් කළේය.

එම අපේක්‍ෂකයාත් සමඟ ඔබ ඉදිරිපත් කළ කරුණු ඉතාම සාධනීය කරුණු ලෙස සැළකිල්ලට ගන්නා බව ද ඒ මහතා කීය.

පුද්ගල බද්ධ දේශපාලනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් ලෙස පුද්ගල නායකත්වයන් මතම පිහිටා කටයුතු කළ යුගය අවසන් කළ යුතු බව ද දිලිත් ජයවීර මහතා වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (13)

මාස 6 න් රට දූෂණයෙන් මුදවනවා

පුරවැසියා Thursday, 01 August 2024 09:33 PM

පලයන් බන් යන්න දෙකේ පරණ නාගසේන

:       0       8

sachith Thursday, 01 August 2024 09:35 PM

සමහර කතා තියනවා කියන කෙනා දැක්කම අදෝ මාර්ගයෙනුත් හිනා යනවා .මේකත් ඒවගේ .කොටස් වෙළඳපොලෙන් ,කොවිඩ් කාලේ ඇන්ටිජන් කට්ටල වලින් හොරා කෑවේ කවුද දන්නේ නෑ

:       0       10

සුපුන් චාමර Thursday, 01 August 2024 09:53 PM

ආයෙත් කොරෝනා ආව නම් බලාගන්න තිබ්බා මුන් රට හදන හැටි. 200 ඇන්ටිජන් එක 6000ටදීපු කට්ටිය

:       4       30

Rotiya Thursday, 01 August 2024 09:54 PM

ඇන්ටිජන් කිට් වලින් හම්බකරපු අයවත් අල්ලනවාද සෑර්?

:       4       28

සර්වා Thursday, 01 August 2024 09:59 PM

අනේ... පල... කොවිඩ් ඇන්ටිජන් කිට් වලිනුත් මාටියා ගහලා. කොරෝනා වලින් මැරෙන්න බයේ රට ඉඳන් ආපු අය මුගේ හෝටල් වල කොරන්ටීන් කරලා හොයපු අසාධාරණ සල්ලි මුලින් දීලා හිටු

:       4       25

Rajitha Jayasinghe Thursday, 01 August 2024 11:35 PM

සමහර කතාවලට හිනා යන්නේ කියපු දේට වඩා කියපු එකා දැක්කම

:       0       6

Perera Friday, 02 August 2024 12:17 AM

එතකන් අපි රොටි කකා ඉන්නම්

:       0       6

sunil Friday, 02 August 2024 02:03 AM

ඔහොම කියාගෙන තමයි හැමෝම එන්නේ.

:       0       6

යෝගා Friday, 02 August 2024 06:21 AM

මාස හයක් ඉන්න ඕන නෑ

:       0       12

Lalla Friday, 02 August 2024 07:45 AM

රාජපක්ෂ පවුලේ පිහිටෙන් කොල්ලකා ධනවත්වූ චෞරයෙක් දූෂණය නැතිකරන්න කතා කරනවා. තම ව්‍යාපාර ජාලය ගොඩනැගුන විදිය රටෙන් හංගන්න බෑ..

:       3       20

Bunny Preena Friday, 02 August 2024 10:35 AM

රට කොහොම වූණත් ඔබව දූෂකයින්ගෙන් මුදවා ගන්න එක ලේසි වෙන එකක් නෑ..

:       2       20

Peter Perera Friday, 02 August 2024 12:57 PM

මහින්දගෙන් තවත් පිල්ලියක්..!

:       1       16

Rohana Friday, 02 August 2024 05:27 PM

දූෂණය නැතිකරනවා? නිකං විහිළු කතා කියන්න එපා. කෝවිඩ්වලින් හම්බකරපු හැටි අපි දන්නවා. එහෙව් මිනිහා තමයි රටේ දූෂණය නැතිකරන්න කියලා පට්ටපල් බොරු ඡන්ද පොරොන්දු දෙන්නේ...

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1743 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1437 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 517 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site