
(දයාරත්න ඇඹෝගම)
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් දස නමකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් අනුරාධපුර නව පුත්තලම් පාරේ පිහිටි එම විශ්වවිද්‍යාලයීය නව පරිශ්‍රය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.
පසුගිය (07) දින පස්වරුවේ සිට ආරම්භ කරන ලද මෙම අඛණ්ඩ සත්‍යාග්‍රහය අද (10)දිනද පැවැත්වුණි.
නවක ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාහට නවක වදය ලබා දීමේ චෝදනාව මත ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා දස නමකට මේවන විට වසර එක හමාරේ සිට වසර දෙකක් දක්වා කාල සීමාවකට පංති තහනම් කොට තිබේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විසඳුම් ලැබුණත් නතර කරන්න එපා අපේ හාමුදුරුවනේ. ඒ වගේම අර පස්සේ පේලියේ හාමුදුරුවරු කොන්ඩේ කපන තැනත් ටිකක් කියන්න.
හාමුදුරුවරුන්ට නවක වදය දෙන ගාථාව මටත් පාඩම් කරගන්න ඕනෑ.
ඉස්සරවෙලා මහණ වෙන්න, මහණ වුණාම නවක වදය කැපද?
මම දැනට විශ්‍රාමිකයි මම මුලින්ම පාසලට යනවිට අකුරු ගැටගසා වාක්‍යයක් කියවන්න පුළුවන් වෙලා හිටියේ අපේ අම්මාගේ දක්ෂතාව නිසා තමයි. ඉතින් මම පාසලට ගිය කාලයේ දැන් වගේ නොවෙයි, ගොඩනැගිල්ලේ බාල්කවල විවිධ උපදේශාත්මක වාක්‍ය ලියා තිබුණා. මම මුලින්ම දැක්කේ තම වරද පිළිගනු කියන වාක්‍යය තමයි.
අඳනකඩෙන් අමුඩ ගස්වා පාර දිගේ දණ ගාවනු...!
මෙතැන මොනවාද උගන්නන්නේ..?
කමක් නැහැ ඔයගොල්ලෝ කැමති ඔතන වාඩිලාගෙන ඉන්න, එතකොට නවකයන්ට වද දෙන්න දගලන ජ්‍යෙෂ්ඨ උත්තමයනුත් ස්වෙච්ඡාවෙන්ම වදයට ලක් ලක්වේවි.
එතකොට රාත්‍රියට වළඳන්නේ නැද්ද?