IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා

(ඩබ්ලිව්.ඒ.සිරිසේන)
රක්වාන දෙමුවාත ස්ටෝරු කඩේ ප්‍රදේශයේ  ඉදිකර තිබූ රණවිරු ස්මාරකය සහ ආසන්නයේ තිබූ කුඩා බුද්ධ ප්‍රතිමාව කඩා බිඳ දමා විනාශ කර ඇතැයි රක්වාන පොලීසිය පවසයි.

ලද තොරතුරක් මත මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කළ බවද බව ද පොලීසිය පවසයි.

මෙම ස්ථානයේ දේව පිළිමයක් ස්ථාපිත කිරීමට පිරිසක්  ගත් උත්සාහයක් පසුගිය කාලයේ තවත් පිරිසකගේ විරෝධය නිසා නතර කිරීමට සිදුවිය

මෙම රණවිරු ස්මාරකය සහ බුද්ධ ප්‍රතිමාව මෙසේ විනාශ කිරීමට එම සිද්ධිය මුල් වූවාදැයි පොලිසිය සැකකරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා දෙදෙනෙක් සිය බාරයට ගත් බව ද පොලීසිය පවසයි.



අදහස් (39)

බුද්ධ ප්‍රතිමාවට සහ රණවිරු ස්මාරකයට හානි කරලා

Gamage Sunday, 25 July 2021 03:16 PM

ඡන්දයක් ළඟයි වගේ, මෙහෙම වෙන්නේ එහෙම වුණාම තමයිලු..

:       5043       5941

janahithaMonday, 26 July 2021 09:15 AM

ප්‍රශ්නය මගහැර සිත් සදාගැනීමට දරණ උත්සාහය පහසුම දේ නම් දේශපාලන විශ්වාසය තහවුරු කිරීමයි.

:       34       52

chandanaMonday, 26 July 2021 10:04 AM

පහත තිබෙන ප්‍රතිචාර සහ ලයික්වලින් තේරෙනවා පරණ සෙල්ලම්වලින් ඡන්දය දිනන්න බැරි බව. ජනතා මතයත් හොඳින් පිළිබිඹු වෙනවා.

:       464       505

badaburul Wednesday, 28 July 2021 11:48 AM

බඩ බුරුලු වෙනවා වගේ.., සෑම දෙයකටම දේශපාලනය ඇද ගන්න මුග්ධ ජනයා අපේ රටේ මුල්බැසගෙන ඇත.

:       0       0

madushantha ramasingha Sunday, 25 July 2021 03:18 PM

දැන් බැරි බව දන්නා නිසා පෙර සෙල්ලම නැවත පටන් ගන්නයි යන්නේ... ඕකට තමයි සිංහල රාවය හිස ඔසවාගෙන ආවේ... ඔන්න පෙරගමන් කසකාරයෝ... ගෝඨාභය රජයෙන් දැන් රකින්නේ. ඔන්න වැඩක් දීලාම පටන් අරගෙන... ඔහොම යන්..

:       3993       4137

KoralageMonday, 26 July 2021 02:42 PM

මේ කමෙන්ට් එකේ ලයික් දාලා තියෙන ගණන බලන්න. රෙජිමයේ සිල් අරන් ඉන්න හාමුදුරුවෝ ටික වැඩ පටන් අරන් වගේ.... මොකද පහුගිය දවස් වල නැවක් මුහුදේ ගිලිලා මුළු මුහුදු තීරයම විනාශ වුණා... කොළඹ අක්කර ගණන් මර්මස්ථාන චීනයට දෙනවා. කිසිම දේශ හිතෛෂී හාමුදුරුවෝ කෙනෙක් කට හෙල්ලුවේ නැහැ. හැබැයි මේ පාරනම් ඔය බුද්ධ චීවරය දාගත්ත අයගේ වහසි බස්වලට ඡන්ද දායකයින් රවැට්ටිලි නම් බොරු...

:       819       1222

කසුන් Sunday, 25 July 2021 03:32 PM

බුදුන් වහන්සේ කිසිම දිනයක දේශනා කරලා නැහැ පිළිම වන්දනාවක් ගැන.. ග්‍රීක (යෝනක , යවන) හා හින්දු, ජෛන ආභාෂයෙන් කාලයාගේ ඇවෑමෙන් තමා පිළිම වන්දනාව බුද්ධාගමට එකතු වුනේ...

:       4109       1046

චින්තක Monday, 26 July 2021 12:34 AM

නොදන්නා කමටයි අහන්නේ, එතකොට ජේසු තුමා හරි, හින්දු දෙවිවරු හරි කියල තියනවද තමන්ගේ රූපත් වන්දනා කරන්න කියලා? නැත්නම් ඉතින් අපි ඒවත් කඩමුකෝ!!! යාළුවා, මෝඩයෙක් උනත් කොමෙන්ට් දානකන් උගතෙක් වගෙයි පේන්නේ කියන එක අමතක කරන්න එපා

:       0       0

RathnajiwaMonday, 26 July 2021 09:16 AM

විමාන වස්තු, ප්‍රේත වස්තු කියවලා බලන්න. දාගැබ්, පිළිම ගෙවල්වලට හානි කළවුන්ටත්, ඒවාට වචනයෙන් හෝ දායකත්වය දුන් අයටත් වෙන දේවල් ගැන. අට මහකුසල් වලින් එකක් පිළිම වහන්සේ ඉදිකිරීම.... නොදන්නා දේවල් කතාකරලා මෝඩකම් ප්‍රදර්ශනය කරන්න එපා.

:       51       560

ධර්මප්‍රිය Monday, 26 July 2021 06:51 PM

විමාන වස්තු, ප්‍රේත වස්තු කියවාගෙන යද්දි හිතිලම නැද්ද එක වතාවක්වත් මේ තියෙන්නේ පට්ටපල් ගජබින්න කියලා... බුදුන්වහන්සේ පෙන්වාදුන් ශ්‍රේෂ්ඨ දර්ශනයට පසුකාලීනව එකතු වූ වර්ණනා විශයක්‍රාන්ති සහගත මුසා එකතුවලින් වෙලා තියෙන්නේ හානියක්. තමුන්නැහැලා වගේ අය ඒ මුසාවාද කරපින්නාගෙන යනවා ධර්මය නමින්.. එයම ධර්මයේ පරිහාණියට හේතුවක් වේ..

:       0       0

මුලටියානේ කපිලMonday, 26 July 2021 06:56 PM

අ"ටමහාකුසල් " කතන්දරේ මමහනුවර යුගයෙන් පසුව ඇති වෙච්චි එකක් බව දන්නෙ නැද්ද ? ඕනෑම මූලාශ්‍රයකින් පෙන්වා දෙන්න ඔය " අට මහා කුසල් " කථාව ඊට කලින් තිබ්බ තැනක්. "කඨින " කියලා දැන් දායකයන් මුරුංගා අත්තේ තියලා ඔවුන්ව සූරා කන පිංකම බිහි උනෙත් මහනුවර යුගයෙන් පසුවයි... ( ඉතිහාසය දන්නා මිනිස්සු එක්ක කථා කරද්දි පරිස්සම් වෙන්න.. )

:       0       0

අනුර පැස්කුවල් Sunday, 25 July 2021 03:54 PM

ඡන්දෙට පෙර කසකාරයින් එන බවයි. අනේ දැන් මිනිස්සු එච්චරම මී හරක් නෙවෙයි. ඒ නිසා ඔය මෝඩ සෙල්ලම නතර කරන්න..

:       1171       1310

Kumara Sunday, 25 July 2021 04:12 PM

දැන් ඇති... ඔය ක්‍රමය දැන් ඇති. රටේ ජනතාව රවට්ටන්නද හදන්නේ?

:       1144       1218

BamunuarachchiTuesday, 27 July 2021 06:14 PM

ඔන්න බඩු... මෙතැනින් හෝඩුවාවක් ගන්න පුළුවන් වේවි..!!!

:       28       76

ජයන්ත Sunday, 25 July 2021 04:19 PM

පළාත් සභා ඡන්දය කවද්ද? ඡන්දය ළඟයි වගේ...

:       2536       615

chathuri Sunday, 25 July 2021 04:36 PM

පොහොට්ටුවන්ට කඩේ යන එක ජාතිවාදී, ආගම්වාදී බංකොලොත් අයගේ වැඩක්. අනිවාර්යයෙන්ම කොන්ද පණනැති පොලිසියේත් සහාය ලැබෙන්න ඇති. නමුත් මේ රටේ මිනිස්සු දැන් ඕවාට රැවටෙන්නේ නැහැ. අසීලාචාර පොහොට්ටුවනි, දැන් නුඹලාට දේව ශාපය වැදිලයි තියෙන්නේ...

:       1580       2026

ලියනගේ Monday, 26 July 2021 12:37 AM

ඉතින් මේ මනුස්සයාගේ විස්තර CID යට දෙමුකෝ,, මෙයා දන්නවනේ විස්තරේ හරියට ඇහින් බලන් හිටියා වගේ. එතකොට පොලිසියට ඔය පරීක්ෂණ වලට යන කාලය සහ ශ්‍රමය යන දෙකම ඉතුරුයිනේ.

:       0       0

janahithaMonday, 26 July 2021 09:14 AM

දේශපාලනය මෙම ප්‍රශ්නයට අදාළ නැහැ. දේව ප්‍රතිමාවට ඉඩදෙනවද? මෙතැනින් බුදු පිළිමය ඉවත් කරගන්නවද කියන එකයි තීරණය කළ යුත්තේ... බොළඳ දේශපාලනය අදාළ නැහැ. එයත් ඉංග්‍රීසියේ දායාදයක් වන බැවිනි.

:       13       88

demuvatha apiMonday, 26 July 2021 09:17 AM

අදාළ ආගමික පිරිස සම්පූර්ණයෙන් අදහන්නේ සමගි ජනබලය සහ ජවිපය විමසා සොයා බලන්න. නමුත් මෙතනට දේශපාලනය අදාළ නැහැ. මේක ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ය.

:       325       1062

වෙරලුගහමුල කට්ටිය Monday, 26 July 2021 03:25 PM

මස් ඉඹුලේ හිටපු මන්ත්‍රී කවුද? එයාගේ අය තමයි මෙහි සිටින්නේ...!

:       11       15

Wimale Sunday, 25 July 2021 05:12 PM

මෙය විදේශ කුමන්ත්‍රණයක්...

:       1112       243

Gamage Sunday, 25 July 2021 05:28 PM

මොල 07ක් තියෙන කෙනාගේ කෙරුවාව තමයි. ඉස්සරහට නරක කාලයක් තමයි එන්නේ...

:       1295       1316

fairoos Sunday, 25 July 2021 05:29 PM

තවත් ආණ්ඩුවේ ගේම් එකක් වගේ... බයියන් උඩට ගේන වැඩ තමයි.

:       1209       1487

janahithaMonday, 26 July 2021 09:12 AM

මුග්ධ සිංහලයා හැමදේටම දේශපාලනය මුසුකර සිත් හදාගන්න බලනවා. ප්‍රශ්න මගහරිනවා. මෙතන දේශපාලනයක් නෑ. දේව ප්‍රතිමාවට ප්‍රථම බෞද්ධ උරුමට ඉස්මතුවීම නුරුස්නා, එම ප්‍රදේශයේ ඉතිහාසය නොදත්, තම මුලික උරුමය නොදත් නරුමයන්ගේ වැඩක්... පාසල්වල ඉතිහාසය ඉගැන්වීම පිටුදකින්නේ මෙම පිරිසයි..

:       211       1801

janahithaWednesday, 28 July 2021 11:45 AM

ඉතාම අනුවණ අදහසක්... ආගම දේශපාලනය වුණු බවක් පෙනෙනවා... වෛද්‍යවරයෙක් හමුවන්න.

:       0       0

බද්රානි Sunday, 25 July 2021 05:50 PM

පිනට පාලකයින්ගේ ඉඳුල් කමින් රටටත්, මහපොළවටත් බරක් වෙමින් ජීවත් වෙන සිංහල අමනයින් මිසක්..., වෙන කවුද මේ වගේ කුපාඩි වැඩ කරන්නේ...? සමහර වෙලාවට, දුප්පත්, මෝඩ, මුස්ලිම් හා ද්‍රවිඩ තරුණයින්ව පාවිච්චි කරනවා. මොවුන්ගේ මේ තුප්පහි වැඩවලට... අන්තිමට මේ පාහර වැඩේ කල එවුන්ම තමයි මුලින්ම නිරීක්‍ෂන චාරිකාව කරන්නේ....!!!

:       3966       4021

Ruwan RMonday, 26 July 2021 11:35 AM

සිංහල අකුරු පුළුවන් වුණාට ගොන් කතා කියන්න එපා.. ඔය කතාවෙන් සියලු සිංහලයින් වැරැදිකරුවන් කර අනෙකුත් ජාතික වැරැදි කරන්නවුන් සහ ජාතිවාදීන්ට සුදු හුණු ගා ඇත.

:       2614       2510

බද්රානි Monday, 26 July 2021 12:58 PM

සිංහල දන්නා පලියට ඇත්ත වෙනුවට මෙතන බොරු ලියන්න කියලද ඔහේ මට කියන්නේ? සිංහ වෙස් අරගෙන බලු වැඩ කරන අයව අපි හොඳට හඳුනනවා. සිංහලයින් අතරින් ඔය වගේ අවලම් වැඩ කරන්නේ කවුද කියලා මම මෙතන නොලිව්වට, මේ රටේ ජීවත් වෙන සියලුම ජාතීන් දන්නවා හොඳට ඒ ගැන. ඔහෙත් අන්න ඒ වර්ගයේ තමයි.

:       1305       2120

Don perera Sunday, 25 July 2021 07:09 PM

පොහොට්ටුව 100%

:       0       0

K Perera Sunday, 25 July 2021 07:21 PM

කවුරුත් කලබල වෙන්න එපා ,පොලීසියට ඉඩ දෙන්න රාජකාරිය කරන්න .පහු ගිය කාලේ ජාති වාදය අවුස්සපු සියලු දෙනාම දැන් ඉන්නේ ආණ්ඩුව ඇතුලේ

:       0       0

Perera Sunday, 25 July 2021 11:59 PM

මේක 100% ආණ්ඩුවේ බත් බැල අපතයින්ගේ වැඩක් .

:       0       0

දිලාන් Monday, 26 July 2021 12:31 AM

අර මාවනැල්ලෙත් පිළිම වහන්සේලා කඩපුහමත් ඔය උඩ කොමෙන්ට් දාල තියන "පුතානෝගේ" බත්බැලයන් සෙට් එක ඔහොම්මම තමයි කොමෙන්ට් කරේ. මහින්ද දම්මලා කැඩුව කිවුවා, ආණ්ඩුව කැඩුවා කිවුවා, ඒ අතරේ සහරාන් සෙට් එකටම ඇරලා ගියා. මේ විදියට තමාගේ කුහක කමට, නියම වරද කරපු එකාව හංගන්න බොරු ප්‍රචාරය කරන අපතයන්ව අනිවාර්යෙන්ම අත්අඩංගුවට අරගෙන ඇප නැතුව අවුරුදු කීපයක් හිරේ තියන්න ඕනා

:       0       0

බද්රානි Monday, 26 July 2021 03:19 AM

මේ පාහර ක්‍රියාව සිදුකල කල්ලියේ සාමාජිකයෙක් මෙතන කිඹුල් කඳුළු හලමින් සිටින අයුරු පෙනෙන්නේ මට විතරද? එක අතකට ඉතින් ඇඳගෙන ඉන්න ඇඳුම දිහා බලන්න මොලේ වෙනුවට ඇස් දෙක පාවිච්චි කලොත් ඒ හොඳටම ඇති. මම නම් කියන්නේ පිනට කකා හිටියට කමක් නැහැ, තමන්ගේම දේවල් විනාශ නොකර. නැත්නම් ඔය විනාශ කල දේවල් නැවත හදන්න වෙන්නෙත් අර පිනට දෙන, මොඩයින්ටම තමයි. අනේ! පව් ඒ මෝඩ බැතිමත්තු?

:       0       0

මුණසිංහ Monday, 26 July 2021 07:45 AM

තවත් එක් අනතුරු ඇඟවීමක්... මේ ගැන අවධානයක් යොමු කළ යුතුයි. සමහර කමෙන්ට් දැක්කාම ඇත්තටම කණගාටුදායකයි. මෙහෙමද මිනිස්සුන්ගේ චින්තනය කියලා...

:       32       16

janahitha Monday, 26 July 2021 09:08 AM

මෙය පොහොට්ටු ප්‍රශ්නයක් නොවේ... එක්තරා ආගමික පිරිසක් ඔවුන්ට එල්ල වන ප්‍රහාරයන්ට මුලින්ම සැක කරන්නේ බෞද්ධයන් මිශ්‍ර ආගමික අපේ නිවස තුළද එය සිදුවේ. එය පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ කාලයේ සිට පැවත එන්නක්.. බෞද්ධ උරුමයන් ඉස්මතුවේයැයි බියෙන් සෑම මංසන්ධියක්ම වහ වහා පිළිම ඉදිකරනවා.. පහත් මානසිකත්වයක් ඇති පූජකයන්ද මෙයට අනුග්‍රහය දක්වනවා. මිනිසුන් සත්‍යයට වඩා විශ්වාසය තහවුරු කිරීම මෙයට හේතුවයි...

:       16       3044

Clitus Monday, 26 July 2021 09:19 AM

රණවිරු ස්මාරකය කඩපු අයට අබසරණයි...!

:       2       144

achini Monday, 26 July 2021 09:53 AM

රට බේරාගැනීමේ අවසාන අවස්ථාව ළඟදීම... !!!

:       87       119

සමරා Monday, 26 July 2021 05:10 PM

ආරක්ෂක ඇමති නම් කිව්වේ එයා ඉන්නතුරු මේ වාගේ දෙවල් සිදු නොවන වගයි.. එහෙත් පැරණි දේවල් යලි ඉස්මතු වනවා.

:       0       0

janabala Wednesday, 28 July 2021 11:43 AM

තමන් වෙනුවෙන් අනෙක් අය පුපුරවාගෙන මරාගෙන මැරෙනවා යැයි සිතන මුග්ධ සිංහලයා කිසිදාක සත්‍යය වටහා ගන්නේ නෑ. අනෙකුත් ජාතීන් තම දිවි නසාගන්නේ තම ආගමික විශ්වාසයන්ට ඇති බැඳීම මිසක් කිසිදිනෙක සිංහල වෙනුවෙන් දිවිපුදන්නේ නැත...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 902 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1000 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 574 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1520 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 78 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 19 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1544 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site