(නිමන්ති රණසිංහ)
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි අමාත්‍යවරයකුට අයත් නිල නිවාසයක ලාච්චුවක තිබී බවට තොරතුරු අනාවරණය කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙම සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය අත්අංගුවට ගෙන රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ත්‍රිකුණාමලය උප්පුවේලි ප්‍රදේශයේ පදිංචි ඉදිකිරීම් සමාගමක සේවකයා විසින් කරනු ලැබූ ප්‍රකාශයකට අනුව මෙම කරුණු හෙළිවූ බව එම ආරංචි සඳහන් කරයි.
ඒ අනුව මෙම සැකකරු මීට මාස තුනකට පමණ පෙර කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි එම ප්‍රභූ නිල නිවස අලුත්වැඩියා කිරීම සදහා ගොස් සිටියදී එහි කාමරයක තිබූ මේසයක ලාංච්චුවක තිබී මෙම ජීව අත්බෝම්බ සහ ජීව උණ්ඩ කිහිපයක් සොයා ගෙන ඇති බව ද සැකකරු ප්‍රකාශ කර ඇතැයි පැවසෙයි.
ජීව අත්බෝම්බය මෙම සැකකරු ලබාගෙන ඇති අතර අනෙක් පතුරොම් ඔහු සමග සිටි අනෙක් සගයා රැගෙන ගොස් ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වලින් පැවසෙයි.
ඒ අනුව, විමර්ශන කණ්ඩායම් කිහිපයක් කොළඹ 07 පිහිටි එම ප්‍රභූ නිල නිවසට සහ පතුරෙම් සෙවීම සඳහා මහව සහ වැලිකන්ද යන ප්‍රදේශවලට ඊයේ (16) පස්වරුවේ ගොස් පරීක්ෂා කර ඇතැයි ද වාර්තා වෙයි.
මේ වන විට එම නිවෙස් කැබිනට් අමාත්‍යවරයෙක් පදිංචිව සිටින බවත්, සැකකරු පවසන ආකාරයට මෙම ජීව අත්බෝම්බය සහ පත-ුරොම් සොයා ගෙන ඇත්තේ අදාළ ඇමැතිවරයා එම නිල නිවසේ පදිංචි වීමට පෙර බවත් පැවසෙයි.
මෙම සිද්ධියට අදාළ සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ පෙරේදා 15 ය. සිද්ධියට අදාළව වැඩිදුරත් විමර්ශන කටයුතු සිදුවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරු රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අවසර ලබා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිල්ලෝ මවන්න හදනවද.?
මේ රටේ ඇමතිලා කියන්නේ අමුතුම ජාතියක්.
මොනදේ වුනත් එකට කොහෙන් හරි ඇමති කෙනෙක් සම්බන්ධයි.
මම ඉන්න රටේ නම් මේ වෙලාවට ඇමති යකඩ දොරේ කූරු ගනන් කරනවා..... ඒකට ලංකාවේ.
කවුද මේ ඇමති.?
මන් දන්නේ නැහැ... මන් දැක්කේ නැහැ... මගේ නෙවෙයි... ඇමති නිදහස්. සොක්කෝ ගස්.
ජනතා ප්‍රශ්න විසඳන්න එන අයගේ නිල නිවාස වල තියෙන දේවල් දැක්කම පුදුමත් හිතෙනවා.
බෝම්බ සහ අවි ආයුධ ළඟ තියාගෙන රට ජාතිය ආගම රකින්න අපේ ඇමතිවරු කරන කැපවීම ඉතාමත් ප්‍රශංසනීයයි.ජයවේවා.
යහපාලන ඇමතියෙක්?
දැන් කවුද ප්‍රභූ? 5 පාස් හරක් හොරු, කසිප්පු කාරයො, පාතාලයො පාර්ලිමේන්තු ගිහින් ප්‍රභූ වෙලා.අපි පඩි ගෙවල පිනට කන එවුන් ගිය උඩ කිව්වලු. අපේ සල්ලි වලින් පඩි ගෙවල තව වැඳවැටෙන්නත් ඕනෙ. දේශපාලනය කියන්නෙ සමාජ සේවයක් කැමති අය වැඩ කරන්න බැරි අය යන්න.
තවත් වේදිකා නාට්‍යයක් වත්ද?
දැන් මේ නිල නිවෙස් වලට එනකොට මේවයේ නයි පොලොංගු ඉන්නවද ලාච්චු වල කබඩ් වල තියෙන්නේ මොනවද කියලා කවුරුවත්ම සොයන්නේ බලන්නේ නැද්ද .කෝ ආරක්ෂාවක් ඔය විදියට ඔය ගෙවල් වල තව මොනවා තියෙයිද දන්නේ නෑ .ඇමතිවරයෙකුට ආරක්ෂාවට කී දෙනෙක් ඉන්නවද .වැඩ කරන මනුස්සයෙක් ඔය බොම්බේ හොරකම් කරන යනකම් මේ ඉන්න අය නිදාගෙනද හිටියේ .
මම වැඩිපුර කිසිවක් ලියන්නේ නැහැ. මේ රට තමයි, ඊළඟ, ඇෆ්ගනිස්තානය. ශ්‍රී ලන්කන් තලෙයිබාන්ලා අතට මේ රට පත්වෙලා ඉවරයි..
කොහොමත් ඕවා ඇමති මන්ත්‍රීලාගේම වැඩ තමයි. නැතුව ගමේ අපි ගාව බෝම්බ තියෙනවද.?
රටේ ආරක්ෂාව දුර්වලයි කියලා.., හදිසි නීතිය තියාගන්න අටවපු උගුලක් වෙන්න බැරිද?
රටේ සමාජය මුළුමනින්ම පිරිහිලා ..