
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා )
ත්‍රිරෝද රථයේ නලාව නාද කළැයි උරණව පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහර දුන් ලීසින් ආයතනයක කළමනාකරුවකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මොරටුව මූලස්ථාන පොලිසියය කියයි.
මෙම සිද්ධියත් සමඟම එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ද ඇතිවී තිබූ අතර අනතුරුව පොලිසිය ඉදිරිපිටටද පැමිණ පිරිසක් නොසන්සුන්කාරී ලෙස හැසිරී තිබිණි.
පහර කෑ මොරටුව මූලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පානදුර මූලික රෝහල වෙත ඇතුළත්ව ඇත.
මොරටුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්ත පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට මොරටුව පරණ ගාලු පාරේ දේවස්ථානයක් ඉදිරිපිට දේවස්ථානයේ පැවැත්වීමට නියමිත දේව මංගල්‍යයක් සඳහා තොරණක් ඉදිකරන ස්ථානයේ රථවාහන රාජකාරීයේ ඊයේ (19) සවස යෙදී සිටි බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිද්ධියට අදාළද දන්නැහැ. ඒ වුනත් මහා මාර්ග වලට හානි කරමින් හා ඒවා අවහිර කරමින් තොරන් ගැසීම දන්සල ඉදිකිරීම වැනි දේවල් වලට ආගමික තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නඩුපැවරීමට කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳව වර්තමාන රජයට හා පොලීසියට ධෛර්යය ලැබේවා.