කොළඹ කොටුව සහ අඹේපුස්ස දුම්රිය ස්ථානය අතර ක්‍රියාත්මක වූ මෙරට ප්‍රථම දුම්රිය සේවාව ආරම්භ කර වසර 160ක් පිරීම නිමිත්තෙන් කොටුව දුම්රිය ස්ථානයේදී ආගමිකවතාවත් පවත්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරුණි.
මෙරට මංගල දුම්රිය සේවාව 1864 දී ආරම්භ කරන ලදී.
මෙම ඓතිහාසික සිදුවීම සංකේතවත් කරමින් අඹේපුස්ස දක්වා විශේෂ දුම්රියක් අද (27) පෙරවරුවේ ධාවනය කෙරිණ.
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා විසින් උත්සවයේ ප්‍රධානියා ලෙස සහභාගී විය.
(ඡායාරූප: කිත්සිරි ද මෙල්)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ළදරුවෙක් වගේ...!
අවුරුදු 160ක් ගිහිල්ලත් පුළුවන් වුනේ නැහැ... එක අඩියකින්වත් සතුටු දායක සේවයක් දෙන්න. අළුත් පෙට්ටි ටිකක් ණයට ගේනවා. ඒක ජරා වෙනකම් දුවනවා. ටිකට් කවුන්ටරයේ කෙනා සල්ලි හොරාකනවා. ඔවුන්ට ගැතිනැති පාලනයක් ආවොත් දිගට හරහට වැඩවර්ජන කරනවා. වෙලාවට කෝච්චිය දුවාගන්න බෑ. දුවන කෝච්චියත් එක්කෝ පීලිපනිනවා. නැත්නම් අතරමග කැඩෙනවා. එකෙකුට එකෙක් නෑ. උද්දච්ච් අහංකාර රියැදුරන් ස්ථානාධිපතිවරුන් මහජනතාවට අප්පිරියා වෙලා. භාණ්ඩ ප්‍රවාහනය නැත්තටම නැති කරලා. ඕකට පිරිත් නූල් ගැටගහනවා. පිස්සු රැලක් දුම්රිය දෙපාර්තමේන්තුවක් විදියට හැමදාම ජනතාවට හෙණයක්ම තමයි.
අද උදේ, මොරටුව...
දැන් දුම්රිය දෙපාර්තමේන්තුව වෙන කවරදාටත් වඩා නරකයි. වසර 160 කට පෙර එය පරිපූර්ණ විය. පහුගිය අවුරුදු 160 අපේ හොරු ඒක නැති කළා.