
(අංජුල මහික වීරරත්න)
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක් පිහිටු වීමට අවශ්‍ය ක්‍රියාදාමය ආරම්භ කර ඇත.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ පැපයීම ඉලක්ක කර ගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කරන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන සියළු පාර්ශවකරුවන් එක් කණ්ඩායමක් ලෙස සම්බන්ධීකරණය කරමින් එකී අංශය විධිමත් ලෙස දියුණු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ද ඇතිව මෙම උපදේශක සභාව ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීම සම්බන්ධයෙන් විවිධ විෂය පථයන් ඔස්සේ දායකත්වය දක්වන රාජ්‍ය ආයතන වල සාමාජිකයන් හත් දෙනෙකුගෙන් ද අදාළ විෂයට සම්බන්ධ විශේෂඥයින් හත් දෙනෙකුගෙන් ද මෙම කමිටුව සමන්විත වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.