(අංජුල මහික වීරරත්න)

සමගි ජන  බලවේගයට සහ එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක් අවශ්‍ය බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසීය. 

ජීවන වියදම දිනෙන් දින වැඩි වෙන නමුත් එය පාලනය කර තිබෙන බව මහ බැංකුව සඳහන් කරන්නේ යැයිද කරුණායක මහතා කීය.

ගොවියා මෙන්ම පාරිභෝගිකයා තෘප්තිමත් කරන ආකාරය ගැන රජය මේ අවස්ථාවේදී කල්පනා කළ යුතුව ඇතැයි කරුණානායක මහතා සඳහන් කළේය.

රට තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී තිබෙන බව කී කරුණානායක මහතා 

වී මිල සම්බන්ධයෙන් සෘජු උත්තරයක් තිබිය යුතු බව කීය.

දෙමළ පක්ෂය ඒකරාශී වෙනවා යැයි කිව්වාට ඒකරාශී වෙන්නේ කොහේද කියා ප්‍රකාශ කර නැති බව කී රවී කරුණානායක මහතා ජනතා ජයග්‍රහණ ලබාගත යුත්තේ 

පක්ෂ එකට එකතු වීමෙන් බවද පැවැසීය.

කොළඹදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් රවී කරුණානායක මහතා මේ බව කීය.